අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ පස්වැනි අදියරේ සී. සී. සී. පිල සහ සැරසන්ස් පිල අතර මොරටුව ද සොයිසා ක්රීඩාංගණයේදී අද (13) පැවැති තරගයෙන් සී. සී. සී. පිල කඩුලූ 5 ක ජයක් ලැබීමට සමත් විය.
මෙහිදී සී. සී. සී. පිල වෙනුවෙන් ලසිත් අබේරත්න (75) සහ යොවුන් පිතිකරු හෂාන් දිමිදු (51) අර්ධ ශතක රැස් කරමින් ජයග්රහණයෝ නියමුවෝ බවට පත්වූහ.
සැරසන්ස් පිල ඕවර 36 කදී කඩුලූ 9 ට 131 (උමේෂ් කරුණාරත්න 55, රජිත් ප්රියාන් 19, රුවින්ද ශාමේන් නොදැවී 20, අරෝෂ් ජනෝද 8/3, හසන්ත ප්රනාන්දු 24/2, මධුක ලියනපතිරණ 17/2)
සී. සී. සී. පිල ඕවර 26.2 කදී කඩුලූ 5 ට 137 (හෂාන් දුමි`දු 51, ලසිත් අබේරත්න 75, උමේෂ් කරුණාරත්න 33/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.