Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සීමිත ඕවර තරග 3ක් කල්යයි

සීමිත ඕවර තරග 3ක් කල්යයි

අමිල හේරත් - 2016 මාර් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත, ගලගම ශී‍්‍ර අත්ථදස්සී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන්ගේ අවසන් කටයුතු ඉරිදා දිනයට (13 වැනිදා) යෙදී තිබීම නිසා එදින පැවැත්වීමට නියමිත අන්තර් පාසල් සීමිත  ඕවර තරග තුනක් කල්දමා තිබේ.


මොරටුව ශාන්ත සෙබස්තියන් සහ වේල්ස් කුමර විදුහල් අතර පැවැත්වෙන 31 වැනි සීමිත  ඕවර තරගය මොරටුව ද සොයිසා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය තිබුණද එම තරගය මේ මස 27 වැනිදා පැවැත්වේ. ඉරිදා දිනය සඳහා නිකුත් කරන ලද ප‍්‍රවේශපත් 27 වැනිදාට වලංගු වන බව තරගයේ සංවිධායක මණ්ඩලය කියයි.


කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තර්ස්ටන් - ඉසිපතන සීමිත  ඕවර තරගයද කල්දමා ඇතත් එය පැවැත්වෙන දිනය සහ ස්ථානය තවමත් තීරණය කර නැත.


කොළඹ ආනන්ද සහ නාලන්දා විදුහල් අතර එස්. එස්. සී. පිටියේදී පැවැත්වීමට නියමිත තිබූ සීමිත  ඕවර තරගය ලබන 20 වැනිදා දක්වා කල්දැමීමට පියවර ගෙන තිබේ.

 


අදහස් (0)

සීමිත ඕවර තරග 3ක් කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.