Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සීනිගම - ශක්ති අවසන් තරගයට

සීනිගම - ශක්ති අවසන් තරගයට

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මුරලි සාම කුසලාන කි‍්‍රකට් තරගාවලියේ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ගුණ x ජය x සතුට සීනිගම කාන්තා කණ්ඩායම සහ ශක්ති කාන්තා කණ්ඩායම ඊයේ (4 වැනිදා) සමත්වූහ. මෙම කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහ තරගය කිලිනොච්චිය මධ්‍ය විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.   

ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී නිට්ටඹුව කාන්තා කණ්ඩායම කඩුලූ 9 කින් පරාජය කරමින් ගුණ - ජය - සතුට සීනිගම කාන්තා කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසි අතර උතුරු මැද කාන්තා කණ්ඩායම කඩුලූ 8 කින් පරාජය කරමින් ශක්ති කාන්තා කණ්ඩායම අවසන් මහ තරගයට පිවිසියේය.

ලකුණු 33 ක් රැුස්කරමින් සහ ලකුණු 12 කට කඩුලූ 3 ක් දවාගනිම්න් දස්කම් දැක්වූ ගුණ - ජය - සතුට සීනිගම කාන්තා කණ්ඩායමේ එම්. ශෙහානි පළමු අවසන් පූර්ව තරගයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනාගත් අතර ලකුණු 36 රැස්කළ ශක්ති කාන්තා කණ්ඩායමේ හිරන්ති කුමාරි දෙවැනි අවසන් පූර්ව තරගයේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස සම්මාන ලබාගත්තාය.

පළමු අවසන් පූර්ව තරගය
නිට්ටඹුව කාන්තා කණ්ඩායම ඕවර 17 කදී සියලූදෙනා දැවී 90
(එම්. නිසංකා 20, එම්. ශෙහානි 12/3)

ගුණ - ජය - සතුට සීනිගම කාන්තා කණ්ඩායම ඕවර 9.2 කදී කඩුල්ලක් දැවී 91
(එම්. ශෙහානි 33)

දෙවැනි අවසන් පූර්ව තරගය
උතුරු මැද කාන්තා කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 85
(එස්. සෙව්වන්දි 8/2)

ශක්ති කාන්තා කණ්ඩායම ඕවර 12.1 කදී කඩුලූ 3 ක් දැවී 86
(හිරන්ති කුමාරි 36)

036


අදහස් (0)

සීනිගම - ශක්ති අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.