Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. අන්තෝනි - ශා. ජෝසප් වාස් මහ තරගය 26-27

සා. අන්තෝනි - ශා. ජෝසප් වාස් මහ තරගය 26-27

editorial - 2024 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(වත්තල - ස්ටැනිස්ලස් පයස්)

දිවයිනේ ප්‍රකට පාසල් දෙකක් ලෙස සැලකෙන වත්තල සාන්ත අන්තෝනි සහ වෙන්නප්පුව ශාන්ත ජෝසප්  වාස් යන දෙවිදුහල් අතර සමාරම්භක වාර්ෂික අන්තර් පාසල් ක්‍රිකට් තරඟය මෙම මස 26 සහ 27 යන දෙදිනයන්හිදී කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩා පිටියේදී  පැවැත්වීමට කටයුතු යොදා ඇත.

‘‘රන්මුසු නීලයන්ගේ සටන’’ ලෙසින් නම් කර ඇති මෙම වාර්ෂික තරගයේ දී, ‘‘ජුසේ වාස් අනුස්මරණ ශූරතා කුසලානය’’ වෙනුවෙන් දෙවිදුහල් තරග වැදීමට නියමිතය.

වත්තල සාන්ත අන්තෝනි විදුහල් ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේදී සිල්වෙස්ටර් ඩයස් (1962), චමින්ද වාස් (1994), මංජුල මුණසිංහ (1994) තිසර පෙරේරා (2009) යන ක්‍රීඩකයන් ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.

 එමෙන්ම කමල්  රූපසිංහ ‘‘සැම්බියාව’’ නියෝජනය කර ඇති අතර සාමාල් උඩවත්ත  වර්තමාන ‘‘එක්සත් අරාබි එමීර් රාජ්‍යය’’ කණ්ඩායම නියෝජනය කරයි.

 එමෙන්ම ජාතික මට්ටමේ දක්ෂතා දැක්වූ ශෙහාන් ද සිල්වා, නාමල් සදිකින්, හිරන්ත පෙරේරා අවිශ්ක තරිඳු, ප්‍රියන්ත මුණසිංහ යන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ඒ සහ පාලක මණ්ඩල සභාපති කණ්ඩායම් නියෝජනය කර ඇත.

 එමෙන්ම ජාතික පාසල් වයස 15න් පහළ සහ 19න් පහළ  කණ්ඩායම් නියෝජනය කළ ලාල් රුද්‍රිගු (1964) හැරල්ඩ් සිරිසේන (1962), මෙවන් අබේසේකර (1990) , උපුල් ප්‍රනාන්දු (1992) ඒ සිවනේසරාජා (1995) අවිශ්ක තරිඳු (2018-20) යන ක්‍රීඩකයන්ද අමතක කළ නොහැක.

වෙන්නප්පුව ජෝශප්  වාස් විදුහල් ඉතිහාසය පිරික්සීමේදී මිනෝද් භානුක,  ෂෙහාන් මධුසංක ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත.

එහිදී ‘‘නිපුන් ධනංජය’’ ජාතික පාසල් වයස 15න් පහළ,  19න්  පහළ සහ ශ්‍රී ලංකා ‘‘ඒ’’ කණ්ඩායම් තුනෙහිම නායකත්වය දරා තිබීම විශේෂත්වයකි.

එයට අමතරව ඉසුරු පෙරේරා (1999) ජනිත් සෙව්වින්ද (2011), කසුන් විදුර (2012 ), රුක්ෂාන් ප්‍රනාන්දු (2013) අවිශ්ක පුනාන්දු (2016), කනිෂ්ක හසිත (2017)  යන ක්‍රීඩකයන්ද වයස් 15න් පහළ සහ 19න් පහළ ජාතික පාසල් කණ්ඩායම් නියෝජනය කර ඇත.

වත්මන් කණ්ඩායමේ නායක , විශ්ව රාජපක්ෂ සහ උප නායක  ජනිත් ප්‍රනාන්දු, 2023 ජාතික පාසල් අවුරුදු 19න් පහළ කණ්ඩායම   නියෝජනය කර තිබීම බලාපොරොත්තු දල්වන  කරුණක් වී ඇත.

 

වත්තල සාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම

 

වෙන්නප්පුව ශාන්ත ජෝසප්  වාස් විදුහල් කණ්ඩායම


අදහස් (0)

සා. අන්තෝනි - ශා. ජෝසප් වාස් මහ තරගය 26-27

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.