අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 33 ක ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 116 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් ජනාධිපති විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 83 ක් පමණි.
ජනාධිපති විදුහල් පළමු ඉනිමේදී ලකුණු 29 කට කඩුලූ 7 ක් දවාගැනීමට සෙනාල් ද සිල්වා සමත් වූ අතර දෙවැනි ඉනිමේදී ලකුණු 31 කට කඩුලූ 5 ක් දවාගැනීමට තරිඳු රත්නායක සමත්විය.
රශ්මික ඕපාත (79) සහ චේනුත වික‍්‍රමසිංහ (55), සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.
ජනාධිපති විදුහල පළමු ඉනිම - ඕවර 18.3 කදී සියලූ දෙනා දැවී 86
(නවෝද් කලංසූරිය 33, සෙනාල් ද සිල්වා 29/7)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 33 කදී සියලූ දෙනා දැවී 202
(රශ්මික ඕපාත 79, චේනුත වික‍්‍රමසිංහ 55, නෙත්මිණ කොඩිප්පිලි 57/4, සකුණ ප‍්‍රනාන්දු 34/4, සසිඳු ගමගේ 45/2)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 41.3 කදී සියලූ දෙනා දැවී 83
(මල්ෂ ජයවර්ධන 22, තරිඳු රත්නායක 31/5, සචික ජයතිලක 11/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.