මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති 7 වැනි ‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය විසඳුමකින් තොරව ඊයේ (31 වැනිදා) අවසන්විය.
පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් රැස්කළ මාතර රාහුල විද්‍යාලයට දෙවැනි දිනයේදී සියලුදෙනා දැවී සිය ඉනිමට එක්කර ගැනීමට හැකිවූයේ තවත් ලකුණු 57 ක් පමණි.
විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ චමිඳු සමරසිංහ ලකුණු 57 කට කඩුලු 8 ක් දවාගනිමින් මාතර රාහුල විද්‍යාලයට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව අහිමි කළේය.
මාතර රාහුල විද්‍යාලය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 51 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කඩුලු 5 ක් දැවී ලකුණු 144 ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීය.
ශතකයට ලකුණු 4 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් අමිල දයානකට ‘ස්වර්ණ සිංහ සංග්‍රාමය’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයේදී ශතකයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අහිමිවී ගියේය.
දෙවැනි ඉනිමේදී කඩුලු 2 බැගින් දවාගැනීමට සජිත රාජපක්ෂ සහ සසිත් මනුරංග සමත්වූහ. සසිත් මනුරංග ලකුණු 77 කට කඩුලු 8 ක් සහ සජිත රාජපක්ෂ ලකුණු 82 කට කඩුලු 6 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 94 ක ඉලක්කයක් හඹා යෑමට මාතර රාහුල විද්‍යාලය පිටියට පිවිසියද පන්දුවට පහරදීම සදහා ඔවුන්ට ඉතිරිව තිබුනේ ඕවර 9 ක් පමණි. අවසන් ඕවර 9 සදහා පන්දුවට පහරදුන් මාතර රාහුල පිතිකරුවන්ට කඩුල්ලක් අහිමිකර ගනිමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 21 ක් පමණි.
ධර්මපාල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 130
(මලිත් සඳකැළුම් 44, අමිල දයානක 21, සසිත් මනුරංග 25/6, සජිත රාජපක්ෂ 36/4)
රාහුල විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 82.3 කදී සියලුදෙනා දැවී ලකුණු 181
(බිනර සංකෙත් 55, සහන් බණ්ඩාර 53, යුරාජ් චාලක 43, චමිඳු සමරසිංහ 57/8, දිල්ශාන් ද සිල්වා 70/2)
ධර්මපාල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 54.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 144
(අමිල දයානක 96, සජිත රාජපක්ෂ 46/2, සසිත් මනුරංග 52/2)
රාහුල විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 9 කදී කඩුල්ලක් දැවී ලකුණු 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.