Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇඟිල්ලේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රාජස්ථාන් රෝයල්ස් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ. පසුගිය 12 වැනිදා පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයේදී ක්‍රිස් ගේල්ගේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී වම් අතේ දඹරැඟිල්ල තුවාල වීමෙන් ඔහුට අයි.පී.එල්. තරගාවලිය අහිමි වී තිබේ.
පසුගිය තරගාවලියේදී ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වූ රාජස්ථාන් රෝයල්ස් පිලට බෙන් ස්ටොක්ස් ආබාධයකට ලක්වීම සැලකිය යුතු පසුබෑමකි. අතේ ආබාධයකට ලක්වීම හේතුවෙන් වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගේ සේවයද මේ වන විටත් ඔවුන්ට අහිමිව ඇත. ජොෆ්රා ආචර් මේ වන විටත් ක්‍රමාණුකූලව පුහුණුව ආරම්භ කර ඇතත්, ඔහු නැවත ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබා ගනිමින් ඉන්දියාවේදී ජෛව ආරක්‍ෂිත බුබුල සඳහා එක්වන්නේ කවදාද යන්න අවිනිශ්චිතය.
රෝගාතුර වූ තම පියා සමඟ සිටීම සඳහා නවසීලන්තයට යෑම නිසා පසුගිය අයි.පී.එල් තරගාවලියේදී ස්ටෝක්ස්ට තරග 6 ක් මඟහැරී ගියේය. කෙසේ වෙතත් ස්ටෝක්ස්ගේ සහයෝගය ලබාගැනීම සඳහා ඔහු කණ්ඩායම සමඟ තවදුරටත් රැඳී සිටිනු ඇත.
ඩේවිඩ් මිලර් සහ ලයම් ලිවිංග්ස්ටන් රාජස්තාන් රෝයල්ස් සංචිතයේ සිටින විදේශීය පිතිකරුවෝ වෙති. කෙසේ වෙතත් එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩකයා වෙනුවට වෙනත් ආදේශකයක් සොයා ගැනීමට මේ වනවිට රජස්තාන් පිල කටයුතු කරමින් සිටී.
පන්ජාබ් කිංග්ස් පිලට එරෙහිව පැවැති ආරම්භක තරගය පරාජයවූ රෝයල්ස් කණ්ඩායම අද (15 වැනිදා) දිල්ලි කැපිටල් සමගින් තරග වැදීමට නියමිතය.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.