Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර මරදානේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට සහිරා විදුහල සමත්විය. තරගය නිමා වනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි සහිරා විදුහල කඩුලූ 6 ක් දැවී ලකුණු 307 ක් ලබාසිටියේය.

එහිදී අගනා පිතිහරඹයක නිරවූ සල්මාන් ෆාසිල් ලකුණු 144 ක් රැස්කළ අතර ලූම්බිණි විදුහලේ පළමු ඉනිමේ කඩුලූ 3 ක් දවාගැනීමටද ඔහු සමත්විය. පළමු ඉනිමේදී නික්සි අහමඞ් රැස්කළ ලකුණු 96 නිසා සහිරා විදුහලේ ලකුණු සංඛ්‍යාව 239 දක්වා ඉහළ ගියේය.


සහිරා විදුහල පළමු ඉනිම - ඕවර 57 කදී සියලූදෙනා දැවී 239
(නික්සි අහමඞ් 96, මෙහොමඞ් ඉන්ෂාෆ් 38, අහමඞ් අස්ලම් 25, උපේක්ෂිත කරුණාතරත්න 19/4, තරුෂාන් ඉද්දමල්ගොඩ 71/4)

ලූම්බිණි විදුහල පළමු ඉනිම - ඕවර 67 කදී සියලූදෙනා දැවී 232
(තරුෂාන් ඉද්දමල්ගොඩ නොදැවී 77, වාසන මදුසංක 47, තනුක දාබරේ 38, රම්සාන් රෆයිඞීන් 37/3, සල්මාන් ෆාසිල් 70/3, මෙහොමඞ් ශහීන් 39/2)

සහිරා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 69 කදී කඩුලූ 6 කට 307
(සල්මාන් ෆාසිල් 144, මෙහොමඞ් ඉන්ෂාෆ් 47, දිලීප සමරසේකර 28, නික්සි අහමඞ් 26, අර්ෂාඞ් ඉමමුදීන් 20, අහමඞ් අස්ලාන් නොදැවී 19, චාමර නිෂාන්ත 40/2, තරුෂාන් ඉද්දමල්ගොඩ 77/2)


-036

 


අදහස් (0)

සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.