Last Update  :  2025-05-17 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සල්පිටි - රයිගම් සටන අද-හෙට මොරටුවේදී

සල්පිටි - රයිගම් සටන අද-හෙට මොරටුවේදී

editorial - 2025 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර වන 23වැනි  “සල්පිටි - රයිගම් සටන” වාර්ෂික ක්‍රිකට් තරගය අද (16) සහ හෙට (17) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මෙම දෙවිදුහල් අතර මේ දක්වා පවත්වා ඇති තරග 22 අතුරින් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය තරග 4 ක ජය ලබා ඇති අතර, තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය එක් තරගයක පමණක් ජය ලබා ඇත. අනෙක් තරග සියල්ල ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

දෙපිල අතර වන 11 වැනි එක්දින මහා ක්‍රිකට් තරගය මැයි මස 18 දින (ඉරිදා) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

මෙතෙක් පවත්වා ඇති එක්දින තරග 10 න් තරග 8ක්  පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය ජයග්‍රහණය කර ඇති අතර, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය එක් තරගයක් පමණක් ජය ලබා ඇත. අනෙක්  තරගය විසඳුමකින් තොරව අවසන් ව ඇත.

නිමාවට පත්වූ පසුගිය පාසල් ක්‍රිකට් තරගවාරයේදී පාසල් දෙකම දෙවැනි කාණ්ඩයේ ‘ඒ’ තරගාවලියට එක්වූ අතර හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය එක්දින ක්‍රිකට් තරගාවලියේ අනු ශූරයින් බවට පත්විය.

මෙවර මහ තරගයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල පිල තරුෂ දිල්හාර විසින් මෙහෙයවනු ලබයි. හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය චමෝද් මිහිරාන් විසින් මෙහෙයවනු ලබයි. 

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මෙවර වාර්ෂික ක්‍රිකට් තරගය සත්කාරකත්වය දරයි.

 


පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල සංචිතය:
(ඉදිරි පෙළ අසුන්ගෙන - වමේ සිට දකුණට)
තිනෙත් ශාලිංග (උප නායක), නලින්ද දිසානායක මහතා (කණිෂ්ඨ පුහුණුකරු), මිලැත්තෑවේ විමලඥාන හිමි (ක්‍රිකට් භාර ආචාර්ය), අසංක පෙරේරා මහතා (සහාය පුහුණුකරු), ඒ.ජී.ඒ.එම්. අබේවික්‍රම මහතා (නියෝජ්‍ය විදුහල්පතිනි), එන්.ඒ.ආර්.එම්. රත්නායක මහතා (විදුහල්පති), ඒ.ඒ.එල්. මධුෂිකා මහත්මිය (නියෝජ්‍ය විදුහල්පතිනිය), තරංග ද සිල්වා මහතා (ප්‍රධාන පුහුණුකරු),  මල්ෂාන් ගුණතිලක මහතා (කණිෂ්ඨ පුහුණුකරු), තරුෂ දිල්හාර (නායක)
(මැද පෙළ වමේ සිට දකුණට) 
චමත් ඔෂාන්, බිහඳු ලක්මිර, ජෙවිඳු රන්තුල, මිහින් ලක්දිනු, අදීප සස්මිත, විහඟ කේෂර, රවිඳු යසිත්, රයන් පෙරේරා, විහඳු සිත්නුල, ශෂික හිරුෂාන්, මලිත සනුමිත
(පසුපෙළ වමේ සිට දකුණට)
අනුජ පුල්සිත්, මතීෂ අනුරුද්ධ. සනුත කුලනිත්, ශාමල් විභාෂණ, බුද්ධිමල් තරුෂ, රනිතු ලක්විරු, සෙනිරු දිල්මිත් මහතා (කණිෂ්ඨ සහාය පුහුණුකරු)

 


හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාල සංචිතය: 
(ඉදිරි පෙළ අසුන්ගෙන - වමේ සිට දකුණට)
චමෝද් මිහිරාන් (නායක), ෂාන් දිව්‍යාංජන මහතා (පුහුණුකරු), ලසන්ත ගමගේ මහතා (ක්‍රිකට් භාර ආචාර්ය), යසිත ආටිගල මහතා (ක්‍රිකට්  භාර ආචාර්ය), නිලූක වීරසිංහ මහතා (විදුහල්පති), චමින්ද අබේසිංහ මහතා (නියෝජ්‍ය විදුහල්පති), කුමේෂ් උමින්ද මහතා (පුහුණුකරු), ඕෂධ සිරිවර්ධන මහතා (පුහුණුකරු), රෂාන් නවාංජන (උප නායක)
(පසුපෙළ වමේ සිට දකුණට)
ධනීෂ පසංසක, සනිරු දම්සත්, යසිරු රත්නායක, කුෂාන් තීක්ෂණ, ඔමලික අමරසිංහ, ලසිඳු දිලංග, කුවිඳු මධුභාෂා, සන්දිත් රණවීර, ඔසඳ උපේක්‍ෂ, යෝෂිත කවිෂාන්, ටෙනූෂ යාපා, යෝෂිත යසිත්, තිළිණ වික්‍රමසිංහ, අර්චන පෙරේරා 


අදහස් (0)

සල්පිටි - රයිගම් සටන අද-හෙට මොරටුවේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.