බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ 12 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු ඡන්ද 9000 සීමාවට ලඟා වී ඇත.
ගෙවීගිය සති කිහිපයේ සිටම ඡන්ද සටහනේ පෙරමුණේ පසු වූ ඔහු, ඉතුක් සතිය තුළදී ලබාගෙන ඇති ඡන්ද 1647 ත් සමගින් සිය මුළු ඡන්ද සංඛ්‍යාව 8992 ක් දක්වා වර්ධනය කරගෙන ඇත.
එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ ඉකුත් සතිය තුළදී ඡන්ද 1354 ක් ලබාගෙන ඇති අතර මේ වන විට ඔහුගේ මුළු ඡන්ද සංඛ්‍යාව 6860 කි. ඒ අනුව ඔහු, සචින් දල්පදාදුට වඩා ඡන්ද 2132 ක් පසු පසින් සිටියි.
කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 3702 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2084 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 1859 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 648 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.
ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 490 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 49 ක් පමණි.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 389 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 1049 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.
ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 793 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡන්ද 422 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන ජූනි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ.
සමස්ථ ලංකා පාසල් කාණ්ඩය
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 8992 |
| මාලිංග අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල | 6860 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 3702 |
| හිමේෂ රංගනාත් | පානදුර රාජකීය විදුහල | 2084 |
| පැතුම් මධුෂංක | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1519 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 1397 |
| ලක්ෂිණ රුද්‍රිගූ | කොළඹ ශාන්ත පීතර විදුහල | 960 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 875 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 843 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 655 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 619 |
| සචිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 596 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 543 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 420 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 311 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 1859 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 648 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සහන් තෙන්නකෝන් | පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල | 1049 |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 793 |
කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ
1 විනුක රුද්‍රිගූ, මහකෙළිය හංදිය, මහකෙළිය, කුරුණෑගල
2 ඒ. ජයචිත‍්‍ර, ටී/ඒ/6, ටෝනි මාවත, ගලහදුව, හැඳල වත්තල
3 රංජිත් දසනායක, 9/3, හැමර්ස් ඇවිනෙව්, වැල්ලවත්ත
4 රම්‍යා පි‍්‍රයංගනී, 68, දැවමොහොට්ටාව, ආඩිඅම්බලම
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.