වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක්රීඩා කරන ගල්ගමුව යූ. බී. වන්නිනායක ජාතික පාසලේ සචින්ත මධුමාල් ද්විත්ව ශතක දෙකක් ලබාගැනීමට සමත් විය.
කොබෙයිගනේ ශ්රී පරාක්රම ජාතික පාසලට එරෙහිව ලකුණු 249 ක් ලබාගත් සචින්ත නිකවැරටිය මහසෙන් ජාතික පාසලට එරෙහිව ලකුණු 227 ක් රැුස් කිරීමටද සමත් විය. ලකුණු 249 ලබාගැනීම සඳහා පන්දු 128 කදී හතරේ පහර 27 කින් සහ හයේ පහර 20 කින් ද, ලකුණු 227 106 කදී හතරේ පහර 19 කින් සහ හයේ පහර 23 කින් ද, වාර්තා විය.
එම තරගවලදී යූ. බී. වන්නිනායක ජාතික පාසල විසින් ලකුණු 432 කින් නිකවැරටිය මහසෙන් ජාතික පාසල ද, ලකුණු 291 කින් කොබෙයිගනේ ශ්රී පරාක්රම ජාතික පාසල පරාජය කරන ලදි.
යූ. බී. වන්නිනායක ජා.පා. සහ මහසෙන් ජා.පා. අතර තරගය (ගල්ගමුව මහජන ක්රීඩාංගණයේදී)
යූ. බී. වන්නිනායක ජාතික පාසල ඕවර 50 යේදී කඩුලූ 9 ට 480
(සචින්ත මධුමාල් 227, දිනුක සඳුන් 57, ප්රින්ස් කුමාර 39, සෙනාල් සල්ගාදු නොදැවී 32, ජී. එස්. අබේසිංහ 77/2)
නිකවැරටිය මහසෙන් ජාතික පාසල ඕවර 15.2 කදී සියලූ දෙනා දැවී 48
(එස්. වී. අදිකාරි නොදැවී 11, දිනුක් සඳුන් 15/4, සෙනාල් සල්ගාදු 5/3, සචින්ත මධුමාල් 9/2)
යූ. බී. වන්නිනායක ජා.පා. සහ ශ්රී පරාක්රම ජා.පා. අතර තරගය (කොබෙයිගනේ මහජන ක්රීඩාංගණයේදී)
යූ. බී. වන්නිනායක ජාතික පාසල ඕවර 50 යේදී කඩුලූ 8 ට 451
(සචින්ත මධුමාල් 249, අචිර සුලක්ෂණ 122, එන්. ඞී. කරුණාරත්න 33/3, කේ. ඞී. බන්නැහෙක 35/3)
ශ්රී පරාක්රම ජාතික පාසල ඕවර 29.2 කදී සියලූ දෙනා දැවී 160
(එම්. වී. හේරත් 42, ඞී. යූ. අමරසිරි 38, සචින්ත මධුමාල් 37/3, ඒ. සී. හේරත් 8/2, දිනුවන්ත සේනාරත්න 23/2, දිනුක් සඳුන් 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.