නිට්ටඹුව සංඝබෝධි විදුහල සහ පන්නල ජාතික පාසල අතර පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට සංඝබෝධි විදුහල සමත් විය.
ඉනිමක පරාජයකින් ගැලවීම සඳහා ලකුණු 131 ක් රැස්කිරීමේ අභියෝගයකට මුහුණදුන් පන්නල ජාතික පාසලට, දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 113 ක් පමණි.
ශානක නන්දලාල් (53) සහ කාවින්ද මධුෂාන් (51) සංඝබෝධි විදුහල වෙනුවෙන් පළමු ඉනිමේදී අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ සංඝබෝධි විදුහලේ රවිඳු බාලසූරිය, පන්නල ජාතික පාසලේ දෙවැනි ඉනිමේදී ලකුණු 18 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
පන්නල ජාතික පාසල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 108
(එම්. එන්. එදිරිසිංහ 36, ධනුෂ පි‍්‍රයමාල් 28/4)
සංඝබෝධි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 239
(ශානක නන්දලාල් 53, කාවින්ද මධුෂාන් 51, අයි. එස්. අකලංක 46/4)
පන්නල ජාතික පාසල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 113
(ආර්. එස්. ධර්මසේන 39, රවිඳු බාලසූරිය 18/6)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.