අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහල සහ වත්තල ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශ්‍රී සංඝබෝධි විදුහල සමත් විය.
එහිදී සනුල රුවන්ත (53) ශ්‍රී සංඝබෝධි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කවිඳු උමයංග ලකුණු 34 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී සංඝබෝධි විදුහල - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 175
(සනුල රුවන්ත 53, තෙවින් ලකිඳු නොදැවී 28, හිරුෂ ලක්ෂාන් 26, යයීෂ් අමිත් 41/6, ප්‍රදීව් මුත්තුලිංගම් 68/2)
ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල - ඕවර 31.2 කදී සියලු දෙනා දැවී 100
(ආකාෂ් මොහිම 19, කවිඳු උමයංග 34/5, ඔෂධ වීරගොඩ 13/2, ඉෂාක්‍ය උද්දල 23/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.