Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංඝබෝධි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංඝබෝධි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

’සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පැවැති තරගයකදී, වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට නිට්ටඹුව ශ්‍රී සංඝබෝධි විදුහල ඊයේ (10 වැනිදා) සමත් විය. මෙම තරගය රන්පොකුණුගම මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

පලමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී සංඝබෝධි විදුහල ඕවර 36 කදී කඩුලු 3කට ලකුණු 263 ක් රැස්කරමින් සිටියදී පළමු ඉනිම අත්හිටුවන ලදී. දක්ෂ පිතිහරඹයක නිරතවූ හිරූෂ ලක්ෂාන් නොදැවී ලකුණු 107 සහ තිසක්‍ය උද්දල නොදැවී ලකුණු 61 ක් රැස්කරමින් සංඝබෝධි ඉනිම ශක්තිමක් කළහ.

පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩාකළ ශාන්ත මරියා කණ්ඩායමට ඕවර 12.4 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි. සංඝබෝධි විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරතවූ තිසක්‍ය උද්දල ලකුණු 6කට කඩුලු 6ක් බිඳ හෙලමින් තුන් ඉරියව් දක්ෂතා දැක්වීය. තරගය නිමාවන විට සංඝබෝධි විදුහලේ දෙවැනි ඉනිම ඕවර 27 කදී කඩුලු 6ක් දැවී ලකුණු 135 රැස් කරගෙන සිටියේය.


ශ්‍රී සංඝබෝධි විදුහල් පළමු ඉනිම - ඕවර 36කදී කඩුලු 3ට ලකුණු 263
(හිරූෂ ලක්ෂාන් නොදැවී 107, තිසක්‍ය උද්දල නොදැවී 61, කවිශ්ක මල්ෂාන් 23)

ශාන්ත මරියා පළමු ඉනිම - ඕවර 12.4කදී සියලුදෙනා දැවී ලකුණු 23
(තිසක්‍ය උද්දල 06/6, සවිඳු එරංග 11/3)

ශාන්ත මරියා දෙවන ඉනිම - ඕවර 27කදී කඩුලු 6ට ලකුණු 135
(උදේෂ් ඉඳුවර 50, කවීන් විශ්මින 36, ඕෂද ගිම්හාන 13/3 )


- 024

 


අදහස් (0)

සංඝබෝධි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.