Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා සරේ වාර්තා පොතට

සංගා සරේ වාර්තා පොතට

රොෂාන් ගුණරත්න - 2017 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව චෙල්ම්ස්ෆෝඞ්හිදී අද (26 වැනිදා) ආරම්භ වූ සිවුදින තරගයේදී ශතකයක් ලබාගනිමින් සරේ ක්‍රිකට් වාර්තා පොතට ඇතුළත් විය. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේදී සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් පිට පිටම ශතක 5 ක් ලබාගත් පළමු ක්‍රීඩකයා ලෙසින් සංගක්කාර වාර්තා පොතට එක්විය.


දිනයේ ක්‍රීඩාව නතර කරන විට කුමාර් සංගක්කාර නොදැවී 177 ක් ලබා සිටියේය.


සංගක්කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරග වාරයේදී ලබාගත් පස්වැනි පළමු පෙළ ශතකය මෙය වන අතර ඉන් පළමු වැන්න (136) ලැන්කෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවද, දෙවැන්න (105) වොවික්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවද, තෙවැන්න (114) සහ සිවුවැන්න (120) මිඞ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිවද ලබාගෙන තිබේ.


ඊම අමතරව හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව පැවැති රෝයල් ලන්ඩන් කුසලාන එක්දින තරගයේදීද ශතකයක් (නොදැවී 124) ලබාගැනීමට සංගක්කාර සමත්වූයේය.


තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සරේ ප්‍රාන්ත කණ්ඩායම අද දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7 ක් දැවී ලකණු 334 ක් ලබා සිටියේය. සරේ ඉනිමේ සිවුවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි සංගක්කාර, සිය ශතකය හතරේ පහර 23 කින් අලංකාර කිරීමට සමත් විය.


සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී සෑම් කරන් (90) සමග එක්ව සරේ ඉනිමේ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සංගක්කාර ඉන් නොනැවතී ස්ටුවට් මීකර් (නොදැවී 43) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් සරේ ප්‍රාන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.


සෑම් කරන්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත වූ අතර ස්ටුවට් මීකර්ගේ ඉනිමට හතරේ පහර 6 ක් ඇතුළත් විය.


සරේ ප්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී 334
(කුමාර් සංගක්කාර නොදැවී 177, සෑම් කරන් 90, ස්ටුවට් මීකර් නොදැවී 43, මැතිව් කුයින් 66/3, ජෙමී පෝටර් 70/2)

 

-036


අදහස් (0)

සංගා සරේ වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.