Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ෂන්මුගනාදන්ගෙන් ඕවර 50 කදී ලකුණු 270 ක්

ෂන්මුගනාදන්ගෙන් ඕවර 50 කදී ලකුණු 270 ක්

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ කටුගස්තොට ශ්‍රී රාහුල විදුහලට එරෙහිව පැවැති තරගයකදී ලකුණු නොදැවී 270 ක් රැස්කිරීමට  මහනුවර ති‍්‍රත්ව විදුහලේ ශනෝගීත් ෂන්මුගනාදන් සමත් විය.

පන්දු 152 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 16 ක් සහ හතරේ පහර 32 ක් ඇතුළත් විය.

ඕවර 50 තරගයක් වූ මෙම තරගයේදී ෂන්මුගනාදන්ගේ ප‍්‍රවේගකාරී පිතිහරඹය නිසා මෙම නිසා තරගයෙන් ලකුණු 371 ක පහසු ජයක් අත්කර ගැනීමටද මහනුවර ති‍්‍රත්ව විදුහල සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 405 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය රාහුල විදුහලට  ඕවර 11.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 33 ක් පමණි.

ති‍්‍රත්ව විදුහල -  ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී 404
(ශනෝගීත් ශන්මුගනාදන් නොදැවී 270, ශෙවෝන් පර්සිවෙල් 25, අචින්ත ජයසූරිය 24, පූර්ණ වනසේකර නොදැවී 17, චානුක බණ්ඩාර 15)

ශ්‍රී රාහුල විදුහල -  ඕවර 11.2 කදී සියලූදෙනා දැවී 33
(රශ්මික දිල්ෂාන් 20/4, ශෙවෝන් පර්සිවෙල් 13/3, මෙහොමඞ් සොහේබ් 0/2)

036


අදහස් (0)

ෂන්මුගනාදන්ගෙන් ඕවර 50 කදී ලකුණු 270 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.