එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අනිද්දා (14) ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නැමීබියා වයස 19 න් පහළ පිල අතර සාජා ක‍්‍රීඩාංගණයේදී අද (12) පැවැති දෙවැනි පුහුණු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක‍්‍රීඩකයෝ කඩුලූ 3 ක ජයක් ලැබූහ.
ශ‍්‍රී ලංකා පිල පළමු පුහුණු තරගයේදී ඉන්දියාව පරාජය කිරීමට සමත් විය.
ලකුණු 193 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 48.5 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. තිලක්‍ෂ සුමනසිරි පන්දු 82 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 63 ක් රැස් කිරීමට සමත් විය.
නැමීබියා වයස 19 න් පහළ පිල ඕවර 50 යේදී කඩුලූ 8 ට 192
(ශනී ග‍්‍රීන් 30, ජනෝ කොට්ෂි 35, ලක්‍ෂාන් ජයසිංහ 22/3)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල ඕවර 48.5 කදී කඩුලූ 7 ට 196
(සධීර සමරවික‍්‍රම 16, කුසල් මෙන්ඩිස් 37, ප‍්‍රියමාල් පෙරේරා 23, තිලක්‍ෂ සුමනසිරි 63, අනුක් ප‍්‍රනාන්දු නොදැවී 25, ජනෝ කොට්ෂි 19/2)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.