ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දී කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) පැවැති පළමු තරගයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ ලකුණු 5 ක (ඩක්වත් ලූවිස් න්‍යායට) ජයක් ලැබීමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා පිල ලකුණු 110 ක ඉලක්කය හඹායමින් සිටියදී වර්ෂාව ඇද හැලීම නිසා තරගයේ තීරණය ඩක්වත් ලූවිස් න්‍යායට අනුව තීරණය විය.
ඩිලානි මනෝදර පන්දු 21 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 28 ක් රැස්කරමින් ශ‍්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාය.
ශ‍්‍රීපාලි වීරක්කොඩි දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 13 කට කඩුලූ දෙකක් දවා ගනිමින් කොදෙව් පිල ලකුණු 109 කට සීමා කිරීමට මූලික වූවාය. දෙපිල අතර දෙවැනි විස්සයි20 තරග 25 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල
කීසියා නයිට් - ප. ශ‍්‍රීපාලි 4
ස්ටෙෆෙනි ටේලර් - ඇ. ලොකුසූරිය ප. කුමාරි 40
ඩිනේන්ද්‍රා ඩොටි - ඇ. හංසිකා ප. ශ‍්‍රීපාලි 4
බි‍්‍රට්නි කූපර් - ඇ. මෙන්ඩිස් ප. ප‍්‍රබෝදනී 17
ස්ටැසි ඈන් කිං - ක. මූ. කළා ප. ලොකුසූරිය 1
මිරීසා අගුලෙයිරා - නොදැවී 28
චිනිලි හෙන්ද්‍රි - ඇ. මෙන්ඩිස් ප. සිරිවර්ධන 22
අතිරේක 4
එකතුව ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 109
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
සුබ්රිනා මුන්රො, අනීෂා මොහොමඞ්, ට‍්‍රමයිනි ස්මාර්ට්, ඇෆ්යි ෆ්ලෙචර්
කඩුලූ වැටීම:
1-4(කීසියා), 2-8(ඩොටි), 3-40(කූපර්), 4-45(කිං), 5-90(ටේලර්), 6-109(හෙන්ද්‍රි)
පන්දු යැවීම:
ශ්‍රීපාලි වීරක්කොඩි: 3-0-13-2, උදේෂිකා ප‍්‍රබෝදනී: 4-0-19-1, මධුරි සමුදිකා: 4-0-24-0, ඒෂානි ලොකුසූරිය: 2-0-11-1, සුගන්දිකා කුමාරි: 3-0-21-1, ශෂිකලා සිරිවර්ධන: 4-0-20-1
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල
චමරි අතපත්තු - ඇ. සහ ප. මොහොමඞ් 17
යශෝධා මෙන්ඩිස් - දුවද්දී දැවී ගියා 0
ඩිලානි මනෝදර - ක. මූ. කළා ප. ෆ්ලෙචර් 28
නිපුනි හංසිකා - ප. කිං 0
ශෂිකලා සිරිවර්ධන - නොදැවී 17
හසිනි පෙරේරා - ඇ. සහ ප. කිං 0
ඒෂානි ලොකුසූරිය - ඇ. හෙන්ද්‍රි ප. මොහොමඞ් 16
ශ‍්‍රීපාලි වීරක්කොඩි - නොදැවී 3
අතිරේක 7
එකතුව ඕවර 15.2 කදී කඩුලූ 6 ක් දැවී 88
පන්දුවට පහර නොදුන් පිතිකාරියෝ:
උදේෂිකා ප‍්‍රබෝදනී, සුගන්දිකා කුමාරි, මධුරි සමුදිකා
කඩුලූ වැටීම:
1-6(මෙන්ඩිස්), 2-52(අතපත්තු), 3-52(මනෝදර), 4-60(හංසිකා), 5-60(පෙරේරා), 6-81(ලොකුසූරිය)
පන්දු යැවීම:
ට‍්‍රමයිනි ස්මාර්ට්: 3-0-15-0, ස්ටෙෆෙනි ටේලර්: 3-0-15-0, සුබ්රිනා මුන්රො: 1-0-12-0, අනීෂා මොහොමඞ්: 3.2-0-15-2, ඇෆ්යි ෆ්ලෙචර්: 2-0-14-1, කිං: 3-0-16-2
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.