Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා 17 න් පහළ පිලට ඉනිමක ජයක්

ශී‍්‍ර ලංකා 17 න් පහළ පිලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත වයස 17 න් පහළ පිලට එරෙහිව එංගලන්තයේ බෙඞ්ෆඞ්ෂයර්හිදී පැවති පළමු වැනි තුන්දින තරගය ඉනිමකින් සහ ලකුණු 81 කින් ජයගැනීමට ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල සමත්විය.

එංගලන්ත පිතිකරුවන් අසරණ කළ පිට දඟ පන්දුයවන කී‍්‍රඩක රවීන් සේයර් පළමු ඉනිමේදී ලකුණු 71 කට කඩුලූ 8 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 27 කට කඩුලූ 2 ක් ලෙස තරගයේදීම ලකුණු 98 කට කඩුලූ 10 ක් දවාගනිමින් එම ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

ශී‍්‍ර ලංකා 17 න් පහළ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 9 ක් දැවී ලකුණු 399 ක් රැස්කළ අතර එංගලන්ත පිලට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128 ක් පමණි.

ශී‍්‍ර ලංකා 17න් පහළ පිල වෙනුවෙන් දක්ෂ පිහිරඹයක නිරතවූ කවින් බණ්ඩාර හතරේ පහර 12 ක් සමගින් ලකුණු 109 ක් රැස්කිරීමට සමත්විය. ඔහුට අනගි සහයක් දුන් අවිෂ්ක ප‍්‍රනාන්දු (56), සහන් ආරච්චිගේ (60) සහ චාමික කරුණාරත්න (60) අර්ධ ශතක වාර්තා කළහ.

5 වැනි කඩුල්ල සඳහා සහන් ආරච්චිගේ සමග ලකුණු 140 සම්බන්ධතාවයක් ගොඩනැගූ කවින් බණ්ඩාර, චාමික කරුණාරත්න සමග 6 වැනි කඩුල්ල සඳහාද ලකුණු 70 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායමේ ලකුණු ප‍්‍රමාණය ඉහළ දැම්මේය.

එංගලන්ත වයස 17 න් පහළ පිල - පළමු ඉනිම සියලූදෙනා දැවී 190
(ඒ. ඩෝල් 30, ජේ. වෙතිර්ලි 57, කේ. ස්මිත් 30, ආර්. ජෝන්ස් 21, ජේ. ඔඩෙල් 20, රවීන් සේයර් 71/8)

ශ‍්‍රී ලංකා වයස 17 න් පහළ පිල - පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී 399
(ලසිත් ලක්ෂාන් 28, අවිෂ්ක ප‍්‍රනාන්දු 56, සිතාර ගිම්හාන් 26, මාධව නිමේෂ් 23, කවීන් බණ්ඩාර 109, එස්. ආරච්චිගේ 60, චාමික කරුණාරත්න 66, බී. ටේලර් 96/3)

එංගලන්ත වයස 17 න් පහළ පිල - දෙවැනි ඉනිම සියලූදෙනා දැවී 128
(කේ. ස්මිත් 15, එච්. හුසේන් 40, ජේ. ඔඩෙල් 23, ටී. නිමේෂ් 28/3, ලසිත් ලක්ෂාන් 15/2, රවීන් සේයර් 27/2)

-036

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා 17 න් පහළ පිලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.