Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මැලේසියාවේදී පැවැත්වෙන ‘තුන්කු ජෆාර්’ කුසලාන වයස 15 න් පහළ ජාත්‍යන්තර කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ දක්වා පැවැති තරග තුනම ජයගැනීමට සමත්ව තිබේ.
දකුණු අපි‍්‍රකාවට එරෙහිිව තරගාවලිියේ ආරම්භක තරගය ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම බංග්ලාදේශයට සහ ඉන්දියාවට එරෙහිව පැවැති තරග දෙකද ජයගෙන තිබේ. තායිලන්තය සහ සත්කාරක මැලේසියාවද මෙම තරගාවලියට සහභාගි වන අතර ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමු වටයේදී ඉහළම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පානදුර මහානාම විදුහලේ කමිල් මිෂාරට හිමි වී තිබෙන අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ රවිඳු රෂාන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරයි.
මින් පෙර 11 වරක් ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්ව තිබෙන අතර දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත්, අශාන් පි‍්‍රයන්ජන්, ළහිරු තිරිමාන්න, ඉසුරු උදාන, නිරෝෂන් දික්වැල්ල, ළහිරු ගමගේ සහ කුසල් මෙන්ඩිස් යන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයන්ද පාසල් වියේදී මෙම තරගාවලියට සහභාගි වී ඇත.
තරගාවලියේ අවසන් මහ තරගය 10 වැනිදා පැවැත්වේ.
ශ්‍රී ලංකා වයස 15 න් පහළ සංචිතය -
කමිල් මිෂාර (නායක - පානදුර මහානාම විදුහල), රවිඳු රෂාන්ත - උප නායක (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), ෂෙවාන් රසූල් (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල), මොහොමඞ් ශාමාස් (මරදාන සහිරා විදුහල), අවිෂ්ක තරිඳු (වත්තල ශාන්ත අන්තෝනි විදුහල), අවිෂ්ක පෙරේරා (කොළඹ නාලන්දා විදුහල), ජනිඳු ජයවර්ධන (ගම්පහ බණ්ඩාරනායක විදුහල), මනීෂ රූපසිංහ (කොළඹ ඉසිපතන විදුහල), කවිඳු නදීෂාන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල), අශාන් සචින්ත (කොළඹ රාජකීය විදුහල), මනුල පෙරේරා (කොළඹ රාජකීය විදුහල), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), යසිරු කස්තුරිආරච්චි (කොළඹ මහානාම විදුහල), ලෙෂාන් අමරසිංහ (කොළඹ ඉසිපතන විදුහල)
කේ. ජී. විමලසේන (මෙහෙයුම් ප‍්‍රධානී - පන්නිපිටිය ධර්මපාල විදුහල), උපුල් ගුණතිලක (කළමනාකරු - පානදුර ශාන්ත ජෝන් විදුහල), පාලින්ද ද සිල්වා (පුහුණුකරු - මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල), ප‍්‍රවීන් ද සිල්වා (සහයක පුහුණුකරු - මහනුවර ලූම්බිණි රාජකීය විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.