ලබන මස (සැප්තැම්බර්) 1 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදි වසරක කාලයක් සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ කළමණාකරු වශයෙන් ජයන්ත සෙනෙවිරත්න මහතා පත්කිරීමට පසුගියදා රැස්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව තීරණය කර ඇත.
මෙම කාලය තුළදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුවීම් සහ සෙසු සියලූම කි‍්‍රයාකාරකම් සෙනෙවිරත්න මහතාගේ අධීක්‍ෂණය යටතේ කෙරෙන අතර එහි පළමු වැනි කාර්යය වන්නේ ලබන මාසයේදී ශී‍්‍ර ලංකාවට පැමිණෙන නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව තරග කිරීම සඳහා ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සූදානම් කිරීමයි.
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් කි‍්‍රකට් පිටියට පිවිසි ජයන්ත සෙනෙවිරත්න මහතා පාසල් දිවියෙන් පසුව බ්ලූම්ෆීල්ඞ් කී‍්‍රඩා සමාජය වෙනුවෙන් අන්තර් සමාජ පළමු ශ්‍රේණියේ කි‍්‍රකට් තරග වලට සහභාගි විය.
ශී‍්‍ර ලංකාවට ටෙස්ට් තත්ත්වය හිමිවීමට පෙර, ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් නිල නොවන ටෙස්ට් තරග 5 ක් කී‍්‍රඩා කළ සෙනෙවිරත්න මහතා පසුව ජාතික කණ්ඩායමේ තේරීම් කමිටු සාමාජිකයකු වශයෙන්ද කටයුතු කර තිබේ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම පසුගියදා සහභාගි වූ බටහිර ඉන්දීය සංචාරයේ කළමණාකරු වූයේද ජයන්ත සෙනෙවිරත්න මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.