Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත කි‍්‍රකට් පිලට අරමුදල් රැස්කරයි

ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත කි‍්‍රකට් පිලට අරමුදල් රැස්කරයි

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප‍්‍රිකානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් ශ‍්‍රී ලංකා සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම්වල ක‍්‍රීඩකයන්ගේ ද සහභාගිත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ස්ටැන්ඩඞ් චාර්ටඞ් බැංකුව එක්ව මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරයි.

ලබන නොවැම්බර් මාසයේදී දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන කි‍්‍රයාත්මක වන මෙම වැඩසටහන අදියර තුනකින් සමන්විතය.

‘දැකීම විශ්වාසයයි ’ යනුවෙන් අරමුදල් රැුස්කිරීමේ වැඩසටහක්, තරුණ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ට පුහුණු කඳවුරක් සහ අන්තර්ජාලයේ ඔස්සේ ‘දැකීම විශ්වාසයය’ වැඩසටහනේ හොඳම පේ‍්‍රක්ෂකයා තේරීම යන වැඩසටහන් තුන ක‍්‍රියාත්මක වේ.

මෙම පුහුණු කඳවුර හෙට (22 වැනිදා) කොළඹ එස්. එස්. සී. පිටියේදී පැවැත්වේ.
ස්ටැන්ඩඞ් චාර්ටඞ් බැංකුවේ අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට ශ්‍රී ලංකාවේ ජනපි‍්‍රයතම කි‍්‍රකට් තරු හා කි‍්‍රකට් කී‍්‍රඩාවට උනන්දුවක් දක්වන බොහෝ දෙනා සහභාගී වීමට නියමිතය.

මේ අතර ස්ටැන්ඩැඞ් චාර්ටඞ් බැංකුව ශ්‍රී ලංකාවේ දෘශ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායමට අනුග‍්‍රහය දැක්වීමටද කැමැත්ත පළකර ඇති අතර ස්ටැන්ඩඞ් චාර්ටඞ් බැංකුවේ සන්නාම හා අළෙවිකරණ සහ ආයතනික සබඳතා ප‍්‍රධානී සංජීවනි ද සිල්වා මහත්මිය ප‍්‍රකාශ කළේ දකුණු අපි‍්‍රකාවේ පැවැත්වෙන දෘෂ්‍යාබාධිත ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමේ අරමුණින් සිටින ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කි‍්‍රකට් කණ්ඩායම වෙනුවෙන් කරන මෙම වැඩසටහන් ඔවුන්ට රුකුලක් මෙන්ම ධෛර්යක් ද වනු ඇති බවයි.

දුරකතන අංක 0779586919 හෝ 0773501545 ඇමතීමෙන් සහ slcorporateaffairs@sc.com යන විද්යුත් තැපැල් ලිපිනයෙන් මෙම වැඩසටහනට සම්බන්ධ විය හැකිය.

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා දෘශ්‍යාබාධිත කි‍්‍රකට් පිලට අරමුදල් රැස්කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.