දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (3 වැනිදා) කේප් ටවුන්හි වෝලි විල්සන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 90 ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 392 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත පිලට ඕවර 36 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 301 ක් පමණි. එහිදී ලකුණු 120 ක් රැස්කිරීමට ආරම්භක පිතිකරු ලූක් සග් සමත් වුවද, එංගලන්ත පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට එම දස්කම ප්‍රමාණවත් නොවීය.
අගනා පන්දු යැවීමක නිරත වූ සමන් කුමාර ලකුණු 71 කට කඩුලූ 4 ක් දවාගනිමින් එංගලන්ත ඉනිම අඩපණ කළේය. කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල, නියමිත ඕවර 40 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 391 ක් ලබාගත්තේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ චන්දන දේශපි‍්‍රය ලකුණු 101 ක් රැස්කිරීමට සමත් වූ අතර රුවන් වසන්ත (58), සමන් කුමාර (50) සහ දිමුතු රවින්ද්‍ර (54) ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව - ඕවර 40 කදී කඩුලූ 8 ක් දැවී 391
(රුවන් වසන්ත 58, සුරංග සම්පත් 23, සමන් කුමාර 50, චන්දන දේශපි‍්‍රය 101, චන්දන කුමාර 27, දිමුතු රවින්ද්‍ර 54, ජස්ටින් හොලිංග්ස්වර්ත් 54/4)
එංගලන්තය - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 301
(ලූක් සග් 130, සමන් කුමාර 71/4, රුවන් කරුණාතිලක 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.