ඉන්දියාවේ සංචාරයක නිරත වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර අද (17 වැනිදා) පැවැති සීමිත ඕවර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 11 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.
ලකුණු 186 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලකුණු 174 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නියෝ සමත්වූහ.
චමරි අතපත්දු සහ ඩිලානි මනෝදරා එක්ව ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිණියවූ ස්මිති‍්‍ර මන්ධනා (49) ඇගේ අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී දුවද්දී දැවීයාමකට හසුකර ගනිමින් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම දැඩි අපහසුතාවයකට පත්කළහ.
කාසියේ වාසියේ දිනූ ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලූදෙනා දැවී ලකුණු 185 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ආරම්භක පිතිකාරිණි යශෝධා මෙන්ඩිස් පන්දු 62 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 53 ක් රැස්කළාය.
ආරම්භක කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලූ රකින්නිය වන චමරි අතපත්තු සමග එක්ව පන්දු 129 කදී ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද යශෝධා සමත්වූවාය.
ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නිය වන ශුෂ්මා වර්මා ඕවර 9.5 ක් යවමින් ලකුණු 34 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලූ 3 ක් දවාගත්තාය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 49.5 කදී සියලූදෙනා දැවී 185
(චමරි අතපත්තු 30, යශෝධා මෙන්ඩිස් 53, දීපිකා රසාංගිකා 17, චමරි පොල්ගම්පල 16, ශ්‍රීපාලි වීරක්කොඩි 17, ශුෂ්මා වර්මා 34/3)
ඉන්දියා කාන්තා ‘ඒ’ කණ්ඩායම - ඕවර 47.3 කදී සියලූදෙනා දැවී 174
(ස්මිති‍්‍ර මන්ධනා 49, වේධා කි‍්‍රෂ්ණමුර්ති 19, ස්නේහා මෝරේ 27, සුහාරී ප‍්‍රධාන් 32, යශෝධා මෙන්ඩිස් 27/2, ඕෂදී රණසිංහ 30/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.