ඉන්දියාවේදී පැවති නීතීඥවරුන්ගේ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශී‍්‍ර ලංකා නීතීඥවරුන්ගේ කණ්ඩායම සමත් විය. අවසන් තරගයේදී ඉන්දියා නීතීඥවරුන්ගේ කණ්ඩාම පරාජය කළ පකිස්තාන නීතීඥවරුන්ගේ කණ්ඩාම තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය.
ශී‍්‍ර ලංකා නීතිඥවරුන් මෙම තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ ඕස්ටේ‍්‍රලියා ‘ඒ’ යන කණ්ඩායම් පරාජය කරමින් ඉදිරියට පැමිණියත්, ඉන්දියාව සහ පකිස්තානය හමුවේ ලැබූ පරාජයන් නිසා තරගාවලියේ අවසන් මහ තරගයට පැමිණීමේ වරම් අහිමිවිය.
තරගාවලිය පුරාම කැපීපෙන දස්කම් දැක්වූ ශී‍්‍ර ලංකා පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක යොහාන් ජිනසේන තරගාවලිය් වීරයා ලෙස සම්මාන ලැබීය.
තරගාවලියේ කී‍්‍රඩකයකු ලද එකම කඩුලූ ති‍්‍රත්වයට හිමිකම් කීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ආරම්භක වේග පන්දුයවන්නා වන තුසිත පලිවත්ත සමත් වූ අතර තරගයකදී කී‍්‍රඩකයකුගේ හොඳම පන්දුයැවීම (7/5) සටහන් කිරීමට ප‍්‍රදීප් හීන්කෙන්ද සමත්විය.
තරගාවලියේදී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු ප‍්‍රමාණයට (336/3) හිමිකම් කීවේද ශී‍්‍ර ලංකා කණ්ඩායමයි.
නීතීඥවරුන්ගේ මීලග (5 වැනි) ලෝක කුසලාන තරගාවලිය 2016 වසරේදී ඕස්ටේ‍්‍රලියාවේදී පැවත්වීමට නිමිතය.
තරග ප‍්‍රතිඵල
ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකාව ලකුණු 45 කින් පරාජය කරන ලදි
ඉන්දියාව - ඕවර 35 කදී කඩුලූ 5 ක් දැවී 205
(මන්වීන්ද්‍ර සිං 63, වජහත් රිස්වි 57, තුසිත පලිවත්ත 45/2)
ශී‍්‍ර ලංකාව - ඕවර 35 කදී කඩුලූ 9 ක් දැවී 160
(ගිහාන් කුලරත්න නෙදැවී 43, ඉර්ශාන් ආරියරත්නම් 22, උදිත රාජසේකර 17, රොශාන් ද රාෆායල් 16, රවී සිං 22/2, ආලෝක වර්මා 25/2, ආදිත්‍ය කුමාර් 25/2, අශුතෝෂ් තිවාරි 26/2)
ශී‍්‍ර ලංකාව විසින් ඕස්ටේ‍්‍රලියා ඒ කණ්ඩායම කඩුලූ 9 කින් පරාජය කරන ලදි
ඕස්ටේ‍්‍රලියා ඒ කණ්ඩායම - ඕවර 29 කදී සියලූදෙනා දැවී 66
(ඒවට් ස්ටයිල්ස් 14, තුසිත පලිවත්ත 11/4, යොහාන් ජිනසේන 15/2)
ශී‍්‍ර ලංකාව - ඕවර 6.5 කදී කඩුල්ලක් දැවී 67
(යොහාන් ජිනසේන නොදැවී 42, උදිත රාජසේකර නොදැවී 19)
පාකිස්තානය විසින් ශී‍්‍ර ලංකාව කඩුලූ 9 කින් පරාජය කරන ලදි
ශී‍්‍ර ලංකාව - ඕවර 30 කදී කඩුලූ 7 ක් දැවී 171
(ඉර්ශාන් ආරියරත්නම් 44, අසේල පටබැඳි 37, උදිත රාජසේකර 28. ගිහාන් කුලරත්න 23, මොහොමඞ් අබ්දුල්ලා 31/3)
පකිස්තානය - ඕවර 24.5 කදී කඩුල්ලක් දැවී 172
(සියා ඛාන් 72, කාශිෆ් සොහේල් නෙදැවී 52, ජමාල් සුකේරී 42)
ශී‍්‍ර ලංකාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 5 කින් පරාජය කරන ලදි
බටහිර ඉන්දීය කොදෙව්ව - ඕවර 30 කදී කඩුලූ 8 ක් දැවී 179
(එස්. සීචරන් 44, චාර්ල්ස් රැම්සන් 40, එම්. මරූප් 29, මනීෂ් වේවිට 50/2)
ශී‍්‍ර ලංකාව - ඕවර 27.4 කදී කඩුලූ 5 ක් දැවී 182
(රොශාන් ද රෆයල් නෙදැවී 52, යොහාන් ජිනසේන 50, ප‍්‍රදීප් හීන්කෙන්ද නොදැවී 24, කි‍්‍රෂ්ණ ජග්ලල් 37/3)
ශී‍්‍ර ලංකාව විසින් එංගලන්තය ලකුණු 222 කින් පරාජය කරන ලදි
ශී‍්‍ර ලංකාව - ඕවර 30 කදී කඩුලූ 3 ක් දැවී 336
(පි‍්‍රයන්ත රාජපක්ෂ 110, උදිත රාජසේකර 68, යොහාන් ජිනසේන නොදැවී 57, රොශාන් ද රෆයල් 38, තුසිත පලිවත්ත නොදැවී 35)
එංගලන්තය - ඕවර 30 කදී කඩුලූ 7 ක් දැවී 114
(මිචෙල් එඞ්වඞ් 26, චාර්ල්ස් ප‍්‍රයර් නොදැවී 25, ප‍්‍රදීප් හීන්කෙන්ද 7/5, තරංග අබේකෝන් 21/2)
ශී‍්‍ර ලංකාව විසින් ඕස්ටේ‍්‍රලියාව ලකුණු 14 කින් පරාජය කරන ලදි
ශී‍්‍ර ලංකාව - ඕවර 25 කදී කඩුලූ 7 ක් දැවී 156
(යොහාන් ජිනසේන 42, උදිත රාජසේකර 32, ප‍්‍රදීප් හීන්කෙන්ද නොදැවී 28, ඉර්ශාන් ආරියරත්නම් 225, කාල් පි‍්‍රන්ස් 19/2)
ඕස්ටේ‍්‍රලියාව - ඕවර 25 කදී කඩුලූ 7 ක් දැවී 142
(සෙබස්තියන් රේඞ් 44, රජීව් පිල්ලේ 40, තුසිත පලිවත්ත 16/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.