මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පැවැත්වෙන 59 වැනි වාර්ෂික මහ කි‍්‍රකට් තරගය හෙට (11 වැනිදා) සහ අනිද්දා (12 වැනිදා) පල්ලෙකැලේ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ ක‍්‍රීඩා කරන ශාන්ත සිල්වෙස්ටර් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කඩුලූ රකින කී‍්‍රඩක මලිත් පේ‍්‍රමතිලක කටයුතු කරන අතර II කොටසේ ක‍්‍රීඩා කරන විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් කී‍්‍රඩක නාමල් පෙරේරා කටයුතු කරයි.
මෙවර තරගවාරයේදී පන්නිපිටිය ධර්මපාල විදුහලට සහ කළුතර සිරිකුරුස විදුහලට එරෙහිව ජයග‍්‍රහණ වාර්තා කිරීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් වූ අතර බම්බලපිටිය ශාන්ත පීතර සහ මහනුවර ධර්මරාජ විදුහල් වලට එරෙහිව පැවැති තරග වලදීද කැපීපෙනෙන දස්කම් දැක්වීමට සිල්වෙස්ටර් විදුහල සමත් විය.
සිල්වෙස්ටර් විදුහල් කණ්ඩායමේ ප‍්‍රධානතම පන්දු යවන්නා ලෙස වමත් දඟපන්දු යවන කී‍්‍රඩක සිවකුමාර් ටිරෝන් හැදින්විය හැකි අතර ධර්මපාල විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 36 කට කඩුලූ 10 දවාගැනීම ඔහුගේ හොඳම පන්දු යැවීමයි. ඩි. එස්. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 66 කට කඩුලූ 5 ක් දවාගැනීමටත්, මහානාම විදුහලට එරෙහිව ලකුණු 100 කට කඩුලූ 6 ක් දවාගැනීමටත් ඔහු සමත් වී ඇත.
ආරම්භක පිතිකරු අවිඳු හේරත් සිරිකුරුස විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 93 ක් ලබාගැනීමට සමත්වූ අතර ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව ලකුණු 68 ක් සහ නාලන්දා විදුහලට එරෙහිව ලකුණු 47 ක් රැුස්කරමින්ද ඔහු දස්කම් දැක්වීය.
සිල්වෙස්ටර් කණ්ඩායමේ නවක පිතිකරුවකු වන මුදිත හෂාන් කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණු 94 ක් ලබාගත් අතර සිරිකුරුස (70), මහානාම (76) සහ ධර්මරාජ (56) විදුහල් වලට එරෙහිව අර්ධ ශතක ලබාගැනීමටද ඔහු සමත් විය.
මෙවර තරග වාරයේදී කොළඹ කේරි විදුහලට සහ පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට විද්‍යාර්ථ විදුහල සමත් වූ අතර දෙබරවැව ජාතික පාසල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල හමුවේ පළමු ඉනිමේ පරාජයන්ට මුහුණ දීමට විද්‍යාර්ථ විදුහලට සිදුවිය.
විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ සිටින ප‍්‍රබලම පන්දුයවන්නෙක් ලෙස වේදුපන්දු යවන කී‍්‍රඩක රවිෂ්ක උපනන්ද හැදින්විය හැකි අතර ඉකුත් වසරේ පැවති මහ කි‍්‍රකට් තරගයේදී අර්ධ ශතකයක් ලබාගැනීමටද ඔහු සමත් විය.
යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 49 ක් සහ නොදැවී ලකුණු 45 ක් රැුස්කිරීමට විද්‍යාර්ථ කණ්ඩායමේ නිපුන කුමාරසිරි සමත් වූ අතර තුන් ඉරියව් කී‍්‍රඩකයන් වන තරිඳු දිසානායක සහ පුලින ගුණතිලක කණ්ඩායමේ ශක්තිය තවත් වැඩි කරති.
විද්‍යාර්ථ කණ්ඩායමේ පන්දුයවන්නන්ගේ බලඇණියට නායකත්වය දෙන වේග පන්දු යවන කී‍්‍රඩක කසුන් ඒකනායක යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව ලකුණු 77 කට කඩුලූ 6 ක් දවාගැනීමට සමත් විය. හිරාන් ජයවර්ධන, ඉසුරු ප‍්‍රබෝධ සහ නිපුන කුමාරසිංහ විද්‍යාර්ථ කණ්ඩායමේ වමත් දඟපන්දු යවන්නන් ලෙස කටයුතු කරන අතර නිමේෂ් සේනානායක සහ කසුන් කුමාරතිලක පිට දඟපන්දු යවන්නෝ ලෙස කටයුතු කරති.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජාලිය වීරසිංහ මහතාද, විද්‍යාර්ථ විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සංජය සිල්වා මහතාද කටයුතු කරති.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් කණ්ඩායම -
මලිත් පේ‍්‍රමතිලක (නායක), ශිවකුමාර් ටිරෝන්, මනුජ පෙරේරා, තේනුක ලියනගේ, අවිඳු හේරත්, පබසර පෙරේරා, මුදිත හෂාන්, තුසිත සොයිසා, නිමසර ඇට්ටරගල්ල, කවිඳු මුණවීර, උදාර යටවතුර, මන්මෝහන් පවිත‍්‍රන්, කුසිඳු නිෂාන්ත, විනෝද් යසින්ත, ජානකාන්ත රාජපක්ෂ, අමන් අහමඞ් සහ ජාලිය වීරසිංහ (පුහුණුකරු)
විද්‍යාර්ථ විදුහල් කණ්ඩායම -
නාමල් පෙරේරා (නායක), රවිෂ්ක උපනන්ද, තරිඳු දිසානායක, දුෂාන් ජයතිලක, සහන් දංවත්ත, නිමේෂ් සේනානායක, පුලින ගුණතිලක, බිම්සර සමරතුංග, කසුන් ඒකානායක, හිරාන් ජයවර්ධන, නිපුන කුමාරසිංරි, කසුන් කරුණාතිලක, ඉසුරු ප‍්‍රබෝධන, කෙවින් සිරිවර්ධන, චතුරංග රත්නායක සහ සංජය සිල්වා (පුහුණුකරු)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.