Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් පළමු ඉනිම ලකුණු 172 ට සීමාවෙයි

ශා. සෙබස්තියන් පළමු ඉනිම ලකුණු 172 ට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් වයස 15 න් පහළ I වැනි කොටසේ කොළඹ නාලන්ද විදුහල සහ මොරටුව ශා. සෙබස්තියන් විදුහල අතර අවසන් මහා තරගය තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භවූ අතර දිනය නිමාවනවිට නාලන්ද විදුහල් ‘ඒ’ කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 4 ක් රැස්කර සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශා. සෙබස්තියන් විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 172 ක් රැස්කිරීමට සමත්විය.

මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවීයාම හේතුවෙන් මැදපෙළ සහ අවසන් පිතිකරුවන්හට ඉනිම ගොඩනැගීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවු අතර ලකුණු ලබාගැනීමේ වේගය ඉතාපහළ මට්ටමක පැවැතිනි.


ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87.5 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(දුනිත් වෙල්ලන්ගේ 31, ජනිෂ්ක පෙරේරා 21, ජයෝද් කල්දේරා 25/3, තමිඳු කමලසූරිය 30/2, රවීන් ද සිල්වා 17/2)

නාලන්ද විද්‍යාල ‘ඒ’ - පලමු ඉනිම - ඕවර 3 කදී කිසිවකු නොදැවී ලකුණු 04

 


අදහස් (0)

ශා. සෙබස්තියන් පළමු ඉනිම ලකුණු 172 ට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.