Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. සෙබස්තියන් - වේල්ස් කුමර කරට කර

ශා. සෙබස්තියන් - වේල්ස් කුමර කරට කර

රොෂාන් ගුණරත්න - 2016 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුවත් කි‍්‍රකට් කී‍්‍රඩාවත් බැඳී ඇත්තේ ගසට පොත්ත මෙනි.


තම තමන් වඩාත් ඇලූම් කරන කී‍්‍රඩකයන්ගේ දස්කම් දැකබලා ගැනීමට නොපැකිළව රොද බඳින මොරටුවේ කි‍්‍රකට් ලෝලීහු ‘මොරටු රන් හටන’ එළඹෙන තෙක් පුල පුලා බලා සිටිති. ඒ ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහ තරගයේ උණුසුම විඳගැනීමටය.


මොරටුවේ ප‍්‍රධානතම පාසල් දෙක වන ශාන්ත සෙබස්තියන් විදුහල සහ වේල්ස් කුමර විදුහල් අතර හැට හය වැනි වරටත් පැවැත්වෙන ‘මොරටු රන් හටන’ හෙට (11 වැනිදා) මොරටුව ටිරෝන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබිණ.


අපවත්වී වදාළ, රාජකීය පණ්ඩිත ගලගම ශී‍්‍ර අත්ථදස්සී, සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් තරගය පැවැත්වෙන දින අවසන් මොහොතේදී වෙනස් වීමට ඉඩ තිබෙන බව තරග සංවිධායක මණ්ඩලයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. ඒ සම්බන්ධ අවසන් තීරණය අද (10 වැනිද) රාතී‍්‍ර 7.00 ට විදුහල්පතිවරුන්ගේ හමුවකදී ගැනීමට නියමිතය පැවැතිණ.


තරගාවලි ඉතිසායේ මෙතෙක් පැවැති මහ තරග වලින් තරග 6 ක් ජයගැනීමට වේල්ස් කුමර විදුහල සමත්ව ඇති අතර ශාන්ත සෙබස්තියන් විදුහල තුන් වතාවක් ජයගෙන තිබේ.


මෙවර මහ තරගය සඳහා ශාන්ත සෙබස්තියන් විදුහල පිවිසෙන්නේ පාසල් වාරයේ අපරාජිත කණ්ඩායමක් ලෙස වන බැනින් සෙබස්තියානුවෝ වඩාත් දැඩි ආත්ම විශ්වාසයකින් සිටිති. පාසල් වාරයේ කුමක් සිදුවූවත් මහ තරගයේදී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වාතාවරණයකි.


පාසල් වාරයේදී සාර්ථක වූවන්ට මහ තරගය අසීරු දුර්ගයක් කිරීමට දෙපිලේම කී‍්‍රඩකයෝ නම් දරා සිටිති. ඒ අතරම  පාසල් වාරයේදී අසාර්ථක වූවෝ මහ තරගයේදී මහත් පෙළහර පාමින් ප‍්‍රතිවාදීන්ගේ සැලසුම් සියල්ලම අවුල් කර දමති. මේ වසර ගණනාවක සිටම මොරටු රන් හටනේ සාමාන්‍යය ස්වභාවයයි.


පාසල් වාරයේදී තරග 16 කට සහභාගි වූ  ශාන්ත සෙබස්තියන් කණ්ඩායම විසින් ශාන්ත බෙනඩික් විද්‍යාලය පරාජය කරන ලදි. සෙසු තරග 15 ම ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට සෙබස්තියානුවෝ සමත් වූහ.


තරග 14 කට සහභාගි වූ වේල්ස් කුමර විදුහල් පිල විසින් ධර්මපාල සහ පානදුර රාජකීය විදුහල් පරාජය කරන ලද නමුත් ශාන්ත පීතර පිල හමුවේ පරාජය පිළිගැනීමට වේල්ස් කුමරුවන්ට සිදුවිය.


සෙබස්තියන් පිලේ නායකයා වන අවිශ්ක ප‍්‍රනාන්දු, පස්වැනි වසරේ වර්ණලාභියෙකි. ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් අවස්ථා කිහිපයකදීම තරග කිරීම නිසා පාසල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බොහෝ අවස්ථාවලදී ඔහුගෙන් ගිළිහී ගියේය. එහෙත් පාසල වෙනුවෙන් සහභාගි වූ තරග කිහිපයේදී ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ලබාගැනීමට අවිශ්ක ප‍්‍රනාන්දු සමත් විය.


ප‍්‍රවීන් ප‍්‍රනාන්දු, කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරුවාය. මේ වන විට ලකුණු 900 සීමාව පසුකර සිටින ප‍්‍රවීන්ගේ ඉලක්කය මහ තරගයේදී ලකුණු 1000 සීමාව පසුකර යාමයි. උප නායක සඳරුවන් ප‍්‍රනාන්දු ලකුණු 750 ඉක්මවා සිටින අතර මිශේන් සිල්වා ලකුණු 700 ඉක්මවා රැුස්කර සිටී.
ශාන්ත බෙනඩික් විදුහල් පිලට එරෙහිව මිශේන් ලබාගත් ලකුණු 175 සෙබස්තියානුවකු මෙම පාසල් වාරයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වේ. තුෂාර ප‍්‍රනාන්දු, ඬේමියන් ඩි’බයිසර්, නුවනිඳු ප‍්‍රනාන්දු සහ සචින්ත සිල්වා  ඕනෑම අවස්ථාවකදී ප‍්‍රතිවාදීන්ට දැනෙන යමක් කළ හැකි පිතිකරුවෝ වෙති.


වමතින් ද`ග පන්දු යවන ප‍්‍රවීන් ජයවික‍්‍රම මෙම තරගවාරයේදී දවාගත් කඩුලූ සංඛ්‍යාව 80 ඉක්මවයි. තුෂාර සිල්වා, සචින්ත සිල්වා, මිශේන් සිල්වා සහ නිමේෂ් බණ්ඩාර එක්වූ කල්හි සෙබස්තියන් පිලට ශක්තිමත් පන්දු යැවීමේ බලඇණියක්ද සිටී.


වේල්ස් කුමර විදුහල් පිල මෙහෙයවනු ලබන්නේද ශී‍්‍ර ලංකා 19 න් පහළ පිල නියෝජනය කළ කී‍්‍රඩකයකු වන තිලාන් නිමේෂ් විසිනි. පස්වැනි වසරේ වර්ණලාභියකු වන තිලාන් නිමේෂ් වැඩි අවස්ථා ගණනකදී ශී‍්‍ර ලංකා යොවුන් පිල නියෝජනය කළ හෙයින් පාසල් තරගාවලියේදී මුහුණ දුන්නේ තරග 5 කට පමණි.


කණ්ඩායමේ උපනායකයා වන විහ`ග වීරක්කොඩි පිතිකරු ලයිස්තුවේ බර උසුලන්නාද වෙයි. මේ දක්වා ලකුණු 700 ක් ඉක්මවා රැුස්කරගෙන සිටින විහ`ගගේ විශ්වාසය දිනාගත් සෙසු පිතිකරුවන් වන්නේ සඳුන් සොයිසා (ලකුණු 550) සහ විශ්ව චතුරංග (ලකුණු 450) දෙදෙනාය. එසේ වුවත් ඩිලංක මධුරංග, කසුන් ඒකනායක සහ අවිඳු ප‍්‍රනාන්දු  තිදෙනාටත්  ඕනෑම මොහොතකදී පිතිකරුවන් වශයෙන් හිස එසවීමේ හැකියාව තිබේ.


වමතින් පා ද`ග පන්දු යවන තිලාන් නිමේෂ් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින්නාය. වේග පන්දු යවන සවිඳු පීරිස්, ඩිලේෂ් නානායක්කාර සහ රවිඳු ජයසිංහ තිදෙනාගේ කාර්යය වන්නේ සෙබස්තියානු පිතිකරුවන් පාලනය කරගැනීමයි.


ශාන්ත සෙබස්තියන් විදුහල් පිලේ පුහුණුකරුවා වශයෙන් ඉමල් බොතේජු මහතා කටයුතු කරන අතර ෆ‍්‍රැන්ක් කුරේ මහතා කණ්ඩායම බාර ආචාර්යවරයා වෙයි. වේල්ස් කුමර විදුහල් පිලේ පුහුණුකරුවා වශයෙන් කුෂාන් ජයවික‍්‍රම මහතා කටයුතු කරන අතර කසුන් වික‍්‍රමතිලක මහතා කණ්ඩායම බාර අචාර්යවරයා වෙයි.


ශාන්ත සෙබස්තියන් විදුහල් පිල අවසන් වරට මහ තරගයක් ජයගත්තේ 2011 වසරේදී සනිත ද මැල් ගේ නායකත්වයෙනි. 2011 දී තරගයේ විසඳුමක් ලැබුණේ වසර 33 කට පසුවය. වේල්ස් කුමර විදුහල අවසන් වරට මහ තරගයක් ජයගත්තේ 1977 දී පෙම්ලාල් ප‍්‍රනාන්දුගේ නායකත්වයෙනි.

 


ශාන්ත සෙබස්තියන් සංචිතය


අවිශ්ක ප‍්‍රනාන්දු (නායක), සඳුරුවන් ප‍්‍රනාන්දු, නිමේෂ් බණ්ඩාර, මිෂේන් සිල්වා, සචින්ත සිල්වා, ප‍්‍රවීන් පෙරේරා, ප්‍රෙෂායින් ප‍්‍රනාන්දු, තක්‍ෂිල පෙරේරා, තරූෂ ප‍්‍රනාන්දු, ඬේමියන් ඩි’බයිසර්, නුවනිඳු ප‍්‍රනාන්දු, ප‍්‍රවීන් ජයවික‍්‍රම, නිසිත අභිලේෂ්, මෙවන් මුහන්දිරම්ගේ, මලින්ත පීරිස් සහ ගිහාන් සේනානායක

 


වේල්ස් කුමර විදුහල සංචිතය

 

තිලාන් නිමේෂ් (නායක), විහග වීරක්කොඩි, අංජුල සහන්, ඩිලංක ගුණසේකර, සඳුන් සොයිසා, සවිඳු පීරිස්, හසිඳු විජේවර්ධන, රවිඳු ජනිත්, සනෝජ් දර්ශක, සුවත් මෙන්ඩිස්, විශ්ව පීරිස්, අවිඳු ප‍්‍රනාන්දු, ඩිලේෂ් නානායක්කාර, කසුන් ඒකනායක, ධනුෂ්ක කුමාර සහ සංජය ප‍්‍රනාන්දු

 

 

 

 


අදහස් (0)

ශා. සෙබස්තියන් - වේල්ස් කුමර කරට කර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.