Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශා. පීතර පිලට මුල් ඉනිමේ ජයක්

ශා. පීතර පිලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයකදී මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට  එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත්විය. තරගය මොරටුවේදී පැවත්විණ.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 263 කට සීමා කිරීමට ශාන්ත පීතර විදුහලේ පන්දුයවන්නෝ සමත්වූහ. විනූ මොහොට්ටි ලකුණු 72 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ජනිත් ලියනගේ ලකුණු 145 ක් රැස්කරමින් තම කණ්ඩායමේ පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 337 ක් දක්වා ඔසවා තැබීය.


ශාන්ත පීතර විදුහල පළමු ඉනිම -  ඕවර 67.3 කදී කඩුලූ 5 කට 337
(ජනිත් ලියනගේ 145, දිනේත් තිමෝද්‍ය 66, සවීන් ගුණසේකර 47, සංජුල මධුෂාන් 26, කාවින්ද ද තිසේරා 21, සංගීත් කුරේ 62/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම -  ඕවර 108.4 කදී සියලූදෙනා දැවී 263
(කුසල් ලක්තිළිණ 95, ලූක් ජයදේව 31, සංගීත් කුරේ 24, අනුක් ප‍්‍රනාන්දු 23, විනූ මොහොට්ටි 72/6, සහන් නානායක්කාර 67/3)


- 036

 


අදහස් (0)

ශා. පීතර පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.