මරදාන ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අතර පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය. මෙම තරගය රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
එහිදී ශා. ජෝෂප් විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ මාලන් පඬිකෝරල ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගනිමින් රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා පුරෝගාමී විය.
ශා. ජෝෂප් විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 113
(අපේක්ෂ ප්‍රනාන්දු 64, කනිෂ්ක දිසානායක 18, සිහස් නෙත්දිනු 19/3)
රාජකීය විදුහල් ‘බී’ පිල පළමු ඉනිම - ඕවර 45 කදී සියලු දෙනා දැවී 99
(ඔමල් දිසානායක 25, මාලන් පඬිකෝරල 21/6, දිනුක් සේරසිංහ 29/2)
ශා. ජෝෂප් විදුහල් ‘බී’ පිල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කඩුල්ලක් දැවී 06
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.