බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ (15) පැවැති 40 වැනි වාර්ෂික සීමිත ඕවර ක‍්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 92 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ලකුණු 225 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශාන්ත පීතර විදුහල ඉනිම ලකුණු 133 කට සීමා කිරීමට ශාන්ත ජෝශප් විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ. හෂීන්ද්‍ර පෙරේරා දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 22 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
ශාන්ත ජෝශප් විදුහල ඕවර 50 යේදී කඩුලූ 8 ට 224
(ඞී. ද අල්විස් 52, පැතුම් මධුසංඛ 49, ෆේබියන් ප‍්‍රනාන්දු 37, සධීර සමරවික‍්‍රම 25, ප‍්‍රියමාල් පෙරේරා 22, චෙමිල ඔබේසේකර 25/2, සහන් නානායක්කාර 45/2, ජනිත් ලියනගේ 24/3)
ශාන්ත පීතර විදුහල ඕවර 41.4 කදී සියලූ දෙනා දැවී 133
(ඔෂාන් කරුණාරත්න 36, මෙනෙල්ක ද සිල්වා 32, කාවින්ද ද තිසේරා 28, හෂීන්ද්‍ර පෙරේරා 22/4, ෆේබියන් ප‍්‍රනාන්දු 24/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.