අන්තර් පසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර පැවැති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 211 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල තරගය නතර කරන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 95 ක් ලබා සිටියේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ හර්ෂ සල්ගාදු, ශාන්ත ජෝන් විදුහලේ දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 114 ක් රැුස්කිරීමට සමත්විය. ඔහුට අගනා සහයක් ලබාදුන් හෂාන් කුලරත්න නොදැවී ලකුණු 58 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ලකුණු 56 කට ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිමේ කඩුලූ 5 ක් දවාගත් කාවින්ද දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී සියලූ දෙනා දැවී 143
(හර්ෂ සල්ගාදු 22, කාවින්ද දිසානායක 56/5, රවිඳු විනෝද් 19/2)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම - ඕවර 52 කදී සියලූ දෙනා දැවී 117
(උදිත මධුරංග 23, නිමේෂ් කවිසංක 22, නවීන් මධුෂාන් නොදැවී 15, ජයත් තිවංක 15/3, සනෝජ් දර්ශික 22/3, තනුජ අකලංක 4/2)
ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලූ 2 ක් දැවී 185
(හර්ෂ සල්ගාදු නොදැවී 114, හෂාන් කුලරත්න නොදැවී 58, රවිඳු විනෝද් 51/2)
ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 42 කදී කඩුලූ 2 ක් දැවී 95
(බුද්ධික රුවන් 27, උදිත මධුරංග 23, නිමේෂ් කවිසංක නොදැවී 17, හර්ෂ සල්ගාදු 19/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.