අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කයිකාවල මැදි විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර ශාන්ත සිල්වෙස්ටර් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය.
එහිදී කයිකාවල මැදි විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹක නිරත වූ හංසන පුබුදු ලකුණු 92 ක් රැස්කළේය.
කයිකාවල මැදි විදුහල - ඕවර 52.2 කදී කඩුලු 8 ක් දැවී 215
(හංසන පුබුදු 92, නිමේෂ් බණ්ඩාර 48, සරන් කුමාර 58/4, සසිඳු මාදව 64/3)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 42.1 කදී කඩුලු 6 ක් දැවී 161
(තරුෂ පෙරේරා නොදැවී 45, සුනෙත් වීරසිංහ 39, දිලාන් රඹුක්වැල්ල 48/2, මධුෂාන් මුදලිගේ 48/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.