අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශාන්ත බෙනඩික් විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය.
කොළඹ නාලන්දා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කොළඹ නාලන්දා විද්‍යාලයට එරෙහිව ලකුණු 20 ක ජයක් ලබාගැනීමට ශාන්ත බෙනඩික් විද්‍යාලය සමත්විය.
මහීෂ් තීක්‍ෂණ (105) ශතකයක් සහ කඩුලු 2 ක් දවාගනිමින් ශාන්ත බෙනඩික් විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීය.
ශා. බෙනඩික් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 232
(මහීෂ් තීක්‍ෂණ 105, සනෝජ් පෙරේරා 687, බ්‍රයන් ජෝන්පිල්ලේ 24, රවීන් ද සිල්වා 23/2, රනිඳු ද සිල්වා 31/2, දිනෙත් සමරවීර 31/2)
නාලන්දා විද්‍යාලය - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී ලකුණු 212
(ලක්ෂිත රසංජන 51, දිල්හාර පොල්ගම්පොල 37, අවිෂ්ක පෙරේරා 36, චමිඳු විජේසිංහ 22, රනිඳු ද සිල්වා 22, තෙනුක නන්දලාල් 17/3, මහීෂ් තීක්‍ෂණ 30/2, මලින්ද පෙරේරා 46/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.