Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත සෙබස්තියන් විදුහලට ඉනිමක ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට ඉනිමක ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ‘බී’ කණ්ඩායම සහ කොළඹ ඉසිපතන විදුහල් ‘බී’ කණ්ඩායම අතර මොරටුවේදී පැවැති II කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 87 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී ශාන්ත සෙබස්තියන් විදුහලේ නිලාෂ් පෙරේරා (නොදැවී 123) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම තිහයිෂ මෙන්ඩිස් ලකුණු 11 කට කඩුලු 6 ක්ද, ෂෙරෝන් ප්‍රනාන්දු ලකුණු 11 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 4 ක් දැවී 204
(නිලාෂ් පෙරේරා නොදැවී 123, සජාන් විජේරත්න 28, හිරිඳු කිරුලපන 20/2)

ඉසිපතන විදුහල් පළමු ඉනිම - ඕවර 20 කදී සියලු දෙනා දැවී 33
(ෂෙරෝන් ප්‍රනාන්දු 11/5, ක්‍රිෂේන් බණ්ඩාර 01/2, සජාන් විජේරත්න 04/2)

ඉසිපතන විදුහල් දෙවැනි ඉනිම - ඕවර 54 කදී සියලු දෙනා දැවී 84
(අකිල නන්දිත 38, සිතිර මහපටුන 28, තිහයිෂ මෙන්ඩිස් 11/6, ටිරෙල් බාස්කන් 15/2)

 


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.