
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්දා විදුහල සහ මාතර ශාන්ත සර්වේෂස් විදුහල අතර මාතරදී පැවැති දෙදින තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත සර්වේෂස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත සර්වේෂස් විදුහලේ රිසිනු කිත්මුක (56) අර්ධ ශතකයක් ලබාගත් අතර නාලන්දා විදුහලේ සජිත විතානගේ ලකුණු 48 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.
නාලන්දා විදුහල් පළමු ඉනිම - සියලු දෙනා දැවී 152
(සජිත විතානගේ 37, යසිරු සමරකෝන් 33, හේෂාන් මධුෂංක 07/2, දිනිරු අබේවික්‍රමසිංහ 13/2, සමිරු ගිම්හාන් 15/2, විරාන් චමුදිත 31/2, සනී පෙරේරා 33/2)
ශාන්ත සර්වේෂස් විදුහල පළමු ඉනිම - සියලු දෙනා දැවී 211
(රිසිනු කිත්මුක 56, දිනිරු අබේවික්‍රමසිංහ 38, රවීන් කවින්ත 36, සජිත විතානගේ 48/5, මිනෝද් කල්දේරා 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.