අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහලට එරෙහිව ගාල්ල අන්තර් ජාතික කි‍්‍රකට් කි‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 44 ක් ජයක් වාර්තා කිරීමට කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සමත්විය.
ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගීතික ජයතිලක, ඇල්වීෂියස් ඉනිම් දෙකේදී ලකුණු 78 කට කඩුලූ 8 ක් දවාගනිමින් ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස් කරුවකු බවට පත්විය.
මහේල් ජයලත් (59) සහ සිතුම් විජේසිංහ (54), ශාන්ත බෙනඩික් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
ශාන්ත ඇල්වීෂියස් විදුහල - පළමු ඉනිම ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 102
(අශේන් බණ්ඩාර 27, ගීතික ජයතිලක 46/5, ගීතාල් ප‍්‍රනාන්දු 14/2)
ශාන්ත බෙනඩික් විදුහල - පළමු ඉනිම ඕවර 73.4 කදී කඩුලූ 8 ක් දැවී 240
(මහේල් ජයලත් 59, සිතුම් විජේසිංහ 54, සිතුම් සංකල්ප 48/2, ගිහාන් නිරෝෂන 62/2, හරේන් වීරසිංහ 69/2)
ශාන්ත ඇල්වීෂියස් විදුහල - දෙවැනි ඉනිම ඕවර 47.1 කදී සියලූ දෙනා දැවී 94
(නවිඳු නිර්මාල් 35, රුවින්ද නිවුන්හැල්ල 18/3, ගීතික ජයතිලක 32/3, ගීතාල් ප‍්‍රනාන්දු 5/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.