අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල සහ මහරගම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ විදුහල අතර ශාන්ත බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් ඉනිමක සහ 40 ජයක් වාර්තා කිරීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත බෙනඩික් විදුහලේ නෙත්මික ප්‍රනාන්දු ලකුණු 20 කට කඩුලු 8 ක් දවාගත් අතර එම විදුහලේ හරේන් ඇන්තනීද ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත බෙනඩික් විදුහල් පළමු ඉනිම - ඕවර 36 කදී කඩුලු 5 ක් දැවී 164
(ආකාෂ් ලෝරන්ස් 42, නෙත්මික ප්‍රනාන්දු 24, දිනෙත් චතූෂ 20, තරුෂ නිම්සර 44/3)
චන්ද්‍රරත්න මානවසිංහ විදුහල් පළමු ඉනිම - ඕවර 10 කදී සියලු දෙනා දැවී දැවී 30
(නෙත්මික ප්‍රනාන්දු 09/4, නෙතක විජේරත්න 14/3)
චන්ද්‍රරත්න මානවසිංහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 94
(තරුෂ නිම්සර 49, හරේන් ඇන්තනී 25/5, නෙත්මික ප්‍රනාන්දු 11/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.