කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර කොළඹදී පැවැති ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත්විය.
එහිදී දකුණත් පිතිකරුවකු වන දිනේත් තිමෝද්‍ය පන්දු 146 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 152 ක් රැස්කළේය.
මෙය ඔහු මෙම තරග වාරයේදී රැස්කළ දෙවැනි ශතකය වන අතර ඉකුත් සති අන්තයේදී ආනන්ද විදුහලට එරෙහිව සිය පළමු ශතකය වාර්තා කළේය.
චමිල ඔබේසේකර ලකුණු 53 කට කඩුලූ 4 ක් දවාගනිමින් ඞී. එස්. සේනානායක විදුහලේ පළමු ඉනිම ලකුණු 143 කට සීමා කිරීමට දායක විය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 64 කදී කඩුලූ 8 කට 301
(දිනේත් තිමෝද්‍ය 152, අඛීල් ඉන්හාම් 28/2, ශිෆ්රාන් මුතාලිෆ් 54/2, ඕසුර බුලත්සිංහල 62/2)
ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම ඕවර 40.1 කදී සියලූදෙනා දැවී 143
(කවීන් බණ්ඩාර 54, උදේෂ් සේනානායක 26, චමිල ඔබේසේකර 53/4, ජනිත් ලියනගේ 51/3)
ඞී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම ඕවර 78 කදී සියලූදෙනා දැවී 313
(හරිත් මධුවන්ත 71, උවින් බණ්ඩාර 66, ටොරින් පිටිගල 24, උදේෂ් සේනානායක නොදැවී 21, විනූ මොහොට්ටි 79/4, සහන් නානායක්කාර 121/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.