අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල සහ වැලිමඩ මැදි විදුහල අතර ශාන්ත තෝමස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.
එහිදී ශාන්ත තෝමස් විදුහල වෙනුවෙන් ලික්ෂ පෙරේරා ලකුණු 31 කට කඩුලු 8 ක්ද, වැලිමඩ මැදි විදුහල වෙනුවෙන් නවීන් කෝකිල ලකුණු 29 කට කඩුලු 5 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැකිවීය.
වැලිමඩ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී 70
(ලක්ෂාන් දිසානායක 25, ලික්ෂ පෙරේරා 13/5, කේතක හිම්සර 25/2)
ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී සියලු දෙනා දැවී 97
(නවීන් කෝකිල 29/5, සුලක්ෂණ වීරසිංහ 21/3)
වැලිමඩ මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 23 කදී කඩුලු 8 ක් දැවී 45
(ලක්ෂාන් දිසානායක 23, ලික්ෂ පෙරේරා 18/3, බුද්ධික නිස්සංක 15/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.