Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් වාස් විදුහල ඉනිමකින් ජයගනී

ශාන්ත ජෝශප් වාස් විදුහල ඉනිමකින් ජයගනී

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති I කොටසේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 151 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝශප් වාස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ශාන්ත ජෝශප් වාස් විදුහලේ නෙත්මාල් ද සොයිසා (නොදැවී 108) සහ මෙනූෂ පෙරේරා (නොදැවී 101) ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම අචින්ත දේශාන් ලකුණු 11 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 19.2 කදී සියලු දෙනා දැවී 52
(අචින්ත දේශාන් 11/5, විශ්ව රාජපක්ෂ 08/2)  

ශාන්ත ජෝශප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 42 කදී කඩුලු 3 ක් දැවී 323
(නෙත්මාල් ද සොයිසා නොදැවී 108, මෙනූෂ පෙරේරා නොදැවී 101, චමත් යෂෝහාර 44, අවිෂ්ක පෙරේරා 38)

මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 120  
(නිසල් රත්නායක 32, මාදව වීරකෝන් 21, අචින්ත දේශාන් 06/3, මෙනූෂ පෙරේරා 27/3, නිපුන ද සිල්වා 33/2)

 


අදහස් (0)

ශාන්ත ජෝශප් වාස් විදුහල ඉනිමකින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.