Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝශප් තරු බැබළෙයි

ශාන්ත ජෝශප් තරු බැබළෙයි

ශනුක අරවින්ද - 2014 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝශප් විදුහල් ක‍්‍රීඩා කමිටුව සංවිධානය කළ ‘ජෝශප් තරු රාත‍්‍රීය’ ක‍්‍රිකට් සම්මාන උළෙලේදී ශාන්ත ජෝෂප් විදුහලේ ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන වර්තමාන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා පිලේ හිටපු වේග පන්දු යවන ක‍්‍රීඩක චමින්ද වාස් ඇතුළු ක‍්‍රීඩකයෝ පස් දෙනෙක් විශේෂ සම්මාන ලැබූහ.

මෙම සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර් ඒජ්හිදී පැවැත්විණි. මේ අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා ද සහභාගි විය.

මෙහිදී එම විදුහලේ ආදි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන ජාතික කණ්ඩායම නියෝජනය කරන තිසර පෙරේරා, දිමුත් කරුණාරත්න සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ උප නායක ලෙස කටයුතු කළ සදීර සමරවික‍්‍රම විශේෂ සම්මාන ලැබූහ. මෙම සම්මාන උළෙලට ඩයලොග් ආසියාටා සමාගම අනුග‍්‍රහය දැක්වීය.

ශාන්ත ජෝශප් විදුහලේ විදුහල්පති ට‍්‍රැවිස් ගේබි‍්‍රයල් පියතුමා අතින් ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබූ අවස්ථාව

 

එම විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඇක්සස් ඉන්ටර්නැෂනල් අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික බ‍්‍රයන් ඔබේසේකර මහතා විසින් චමින්ද වාස්ට සම්මාන පිරිනමන ලද අවස්ථාව
 

තිසර පෙරේරා සම්මාන ලබමින්
 

දිමුත් කරුණාරත්න සම්මාන ලැබූ අවස්ථාව
 

සධීර සමරවික‍්‍රම සම්මාන ලබා ගනිමින්

ඡයාරූප : ඉන්ද්‍රරත්න බාලසූරිය

048


අදහස් (0)

ශාන්ත ජෝශප් තරු බැබළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.