කුරුණැගල මලියදේව කී‍්‍රඩාංගණයේ පැවති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරගයකින් මාරවිල ශාන්ත සේවියර් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 57 ක ජයක් වාරතා කිරීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල සමත්විය.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 161 ක අභියෝගයකට මුහුණදුන් ශාන්ත සේවියර් විදුහලට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 103 ක් පමණි.
ශාන්ත ආනා විදුහලේ මෙහොමඞ් අෆ්සාල් ඉනිම දෙකේදීම ලකුණු 41 කට කඩුලූ 8 ක් දවාගනිමින් ශාන්ත සේවියර් විදුහලේ ඉනිම් දෙක පිළිවෙළින් ලකුණු 78 කට සහ 103 කට සීමා කළේය. ඔහුට අනගි සහයක් ලබාදුන් යොහාන් කල්හාර ලකුණු 48 කට කඩුලූ 6 ක් දවාගත්තේය.
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම ඕවර 55.2 කදී සියලූදෙනා දැවී 238
(ජනිත් පෙරේරා 37, මල්ෂාන් පෙරේරා 34, මෙහොමඞ් අෆ්සාල් 33, ලක්ෂිත දිල්ෂාන් 64/5, ශේන් මාධව 51/3)
ශාන්ත සේවියර් විදුහල පළමු ඉනිම ඕවර 24.4 කදී සියලූදෙනා දැවී 78
(හසිඳු ගීවින්ද 19, මෙහොමඞ් අෆ්සාල් 06/3, යොහාන් කල්හාර 08/3)
ශාන්ත සේවියර් විදුහල දෙවැනි ඉනිම ඕවර 22.5 කදී සියලූදෙනා දැවී 103
(ශේන් මාධව 42, මෙහොමඞ් අෆ්සාල් 35/5, යොහාන් කල්හාර 40/3)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.