Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරග හෙට සිට

ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරග හෙට සිට

ශනුක අරවින්ද - 2015 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග හතරකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී හෙට (13) ආරම්භ වේ.

මෙම තරගාවලියේ දෙවැනි තරගයේ සිට සිවුවැනි තරගය දක්වා තරග තුන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මෙහෙයවන 2017 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඇතුළත් වේ. එම තරගාවලිය මේ මස 15 වැනිදා ආරම්භ වන අතර සියලූම තරග ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

බටහිර ඉන්දිය කොදෙව් ප‍්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ ද පසු වෙයි.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පළමු කණ්ඩායම් හතර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන අතර අවසන් කණ්ඩායම් හතරට නැවතත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වීමට සිදුවේ. ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් අටකට සහභාගි වීමට අවස්ථාව ලැබේ.  

ශ්‍රී ලංකාව මේ වන විට දකුණු අප‍්‍රිකා සහ පාකිස්තානු තරගාවලි දෙකට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා සිටියි. ශ්‍රී ලංකාවට තවත් තරගාවලි 4 ක් ඉතිරිව තිබේ.

මෙහිදී කොදෙව් පිල විස්සයි20 තරග තුනකට ද සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

ශ්‍රී ලංකා - කොදෙව් එක්දින තරග හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.