Last Update  :  2025-12-22 11:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත පිල නේපාලය පරදවයි

ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත පිල නේපාලය පරදවයි

රොෂාන් ගුණරත්න - 2018 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දැන් පැවැත්වෙන ශ්‍රව්‍යබාධිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (27) ගුර්ගඕන්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල ලකුණු 179 කින් නේපාල ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් පිල පරාජය කිරීමට සමත් විය. 

මෙය ශ්‍රී ලංකා පිල පිට පිටම ලැබූ දෙවැනි ජයග්‍රහණය වේ. 

ශ්‍රී ලංකා පිලේ නායක ගිමඳු ලක්රූ පන්දු 48 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 85 ක් රැස්කිරීමට සමත් විය. මෙය ලක්රූ පිට පිටම රැස්කළ දෙවැනි අර්ධ ශතකයයි. ආරම්භක පිතිකරු ශානක වල්ගම පන්දු 43 කින් ලකුණු 55 ක් රැස් කළේය.  

ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 3 ට 226
(ශානක වල්ගම 55, ගිමඳු ලක්රූ 85, ඩී. ජේ. තරංග නොදැවී 27, ඒ. කාලෙප් නොදැවී 23)

නේපාල ශ්‍රව්‍යබාධිත ක්‍රිකට් කණ්ඩායම ඕවර 15.4 කදී සියලු දෙනා දැවී 47
(රිබීෂ් ශරිස්ත 15, සම්පත් ජයසිංහ 10/3, අසංක මංජුල 11/3, ගිමඳු ලක්රූ 6/2, උයද ලක්මාල් 8/2) 

- 048


අදහස් (0)

ශ්‍රී ලංකා ශ්‍රව්‍යබාධිත පිල නේපාලය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.