Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යෞවනියෝ ඕස්ට්‍රේලියාව පරදවති

ශ්‍රී ලංකා යෞවනියෝ ඕස්ට්‍රේලියාව පරදවති

editorial - 2024 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා සහ එංගලන්ත වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම් අතර පැවැත්වෙන තුන් කොන් තරගාවලිය යටතේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (28 වැනිදා) පැවැති තරගයකදී ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 118 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110 ක් පමණි. එලීනොර් ලරෝසා පන්දු 41 කදී හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 44 ක් රැස්කළද, ඇයට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූවාය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 117 ක් රැස්කළේය. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ සංජනා කාවින්දි පන්දු 27 කින් ලකුණු 28 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 


ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 117 
(දෙව්මි විහංගා 15, සංජනා කාවින්දි 28, මනුදි නානායක්කාර 16, රෂ්මි නේත්‍රාංජලී 14, සුමුදු නිසංසලා 19, හැස්රට් ගිල් 16/2, එලීනොර් ලරෝසා 21/2)  

ඕස්ට්‍රේලියා වයස 19 න් පහළ කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 කට 110 
(එලීනොර් ලරෝසා නොදැවී 44, ලකී හැමිල්ටන් 28, දෙව්මි විහංගා 22/2) 


අදහස් (0)

ශ්‍රී ලංකා යෞවනියෝ ඕස්ට්‍රේලියාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.