ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (18) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලසිත් ලක්‍ෂාන් (71) සහ නායක චරිත් අසලංක (63) දෙවැනි කඩුල්ලට පන්දු 170 කදී ලකුණු 124 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ජයග‍්‍රහණය පහසු කළහ. ආරම්භක පිතිකරු ලසිත් ලක්‍ෂාන් පන්දු 107 කදී හතරේ පහර සහ හයේ පහර තුන බැගින් අන්තර්ගත කරමින් ලකුණු 71 ක් රැස් කිරීමට සමත් විය.
චරිත් අසලංක පන්දු 85 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 63 ක් ලබා ගත්තේය.
කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් නජ්මුල් හොසේන් ලකුණු 70 ක් රැස් කළේය. චරිත් අසලංක දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 36 කට කඩුලූ 4 ක් දවා ගත්තේය.
බංග්ලදේශ වයස 19 න් පහළ පිල - ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 202
(යසිෆ් හසන් 18, නජ්මුල් හොසේන් 70, මිහිඞ්ලි හසන් 48, ශායිෆ් උඩින් 35, චාමික කරුණාරත්න 42/2, ළහිරු කුමාර 29/2, චරිත් අසලංක 36/4)
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල - ඕවර 44.2 කදී කඩුලූ 3 ට 205
(ලසිත් ලක්‍ෂාන් 71, කවීන් බණ්ඩාර 20, චරිත් අසලංක 63, අවිෂ්ක ප‍්‍රනාන්දු නොදැවී 35, එස්. ගාසී 28/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.