Last Update  :  2025-12-22 17:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය යළිත් ධනංජයට

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය යළිත් ධනංජයට

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමගින් පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරග දෙක සඳහා නම් කරන ලද 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් සංචිතයේ නායකත්වය නැවත වරක් නිපුන් ධනංජය වෙත පැවරී ඇත.

වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජය පසුගියදා අවසන්වූ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අනුශූරතාව දිනාගත් කණ්ඩායමේද නායකත්වය දැරීය.

නිල නොවන ටෙස්ට් තරග දෙකක් සහ එක්දින තරග 5 ක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බංග්ලාදේශ යොවුන් කණ්ඩායම මේ මස 16 වැනිදා සිට 19 වැනිදා දක්වා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පළමු නිල නොවන ටෙස්ට් තරගට සහභාගී වෙයි. දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය මේ මස 23 සිට 26 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ආසියානු කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කළ උපනායන පසිඳු සූරියබණ්ඩාර, නිෂාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, ශසික දුල්ෂාන්, කල්හාර සේනාරත්න, කළණ පෙරේරා, නිපුන් මාලිංග සහ සෙල්වරාසා මතුෂාන්ට මෙවර තරගාවලියේදී සිය ස්ථාන අහිමිවූහ. ඒ වෙනුවට දිනෙත් ජයකොඩි, සොනාල් දිනූෂ, මොහොමඞ් ශමාස්, ජනිත් පෙරේරා, වී.කාන්තන්, ඒ.දිල්හාර, සී.කලිඳු, සී.විජේසිංහ සහ අශේන් ඩැනියල් සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යොවුන් සංචිතයට කැඳවූහ.


ශ්‍රී ලංකා යොවුන් සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, නවෝද් පරණවිතාන, දිනෙත් ජයකොඩි, සොනාල් දිනූෂ, මොහොමඞ් ශමාස්, ජනිත් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සඳුන් මෙන්ඩිස්, වී.කාන්තන්, ඒ.දිල්හාර, චිලාන් කලිඳු, රොහාන් සංජය, සී.විජේසිංහ, නවීන් ප්‍රනාන්දු සහ අශේන් ඩැනියල්

අතිරේක ක්‍රීඩකයෝ
සී.ප්‍රේමදාස, ප්‍රවීන් ද සිල්වා, ආර්. ද සිල්වා, අවිශ්ක තරිඳු

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකත්වය යළිත් ධනංජයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.