Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විස්සයි-20 තරග හතරම ජයගත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ඊයේ (28 වැනිදා) පැවැති එකම එක්දින තරගයේදීත් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 180 කින් පරාජය කරමින් දැවැන්ත ජයක් අත්පත් කරගත්හ.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 50 නිමාවේදී කඩුලු 7 ක් දැවී ලකුණු 266 ක් ලබාගත්හ. ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 86 කි. ශ්‍රී ලංකා යොවුන් පිලේ ශෂිනි ගිම්හානි සහ ලිමන්සා තිලකරත්න දෙදෙනා එක්ව ඕවර 9.4 කදී ලකුණු 25 කට කඩුලු 6 ක් බෙදාහදා ගත්හ.
ලකුණු 267 ක ඉලක්කයක් කරා ගිය ඕස්ට්‍රේලියානු යොවුන් කාන්තාවන්ගේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම බිඳ වැටුණ නමුත් නායිකා සමාරා දුල්වන් (16) සහ ලුසී ෆින් එක්ව කඩුලු 2 කට ලකුණු 55 ක් දක්වා කණ්ඩායමට ඉදිරියට ගෙන ගියහ. එහෙත් නායිකාව දැවී යාමත් සමගින් ලකුණු 31 ක් ඇතුළත කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩිකාවෝ සියලු දෙනාම දැවී ගියහ.
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 266 යි
(සංජනා කාවින්දි 92, විමෝක්ෂා බාලසූරිය 18, රශ්මි නේත්‍රාංජලී 59, ශශිනි ගිම්හානි 19, රශ්මිකා සෙව්වන්දි 22, අයාකා කාටෝ 37/2)
ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩිකාවෝ - ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 86 යි
(සමාරා දුල්වින් 16, ලුසී ෆින් 34, ශශිනි ගිමහානි 18/3, ලිමන්සා තිලකරත්න 07/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.