Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ තරගාවලියේ දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව අද (18 වැනිදා) ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා ප්‍රවීණයන් පිට පිටම ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ඔවුහු සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායමට ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 154 ක් පමණි. මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින නුවන් කුලසේකර, මෙම තරගයේදීත් පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 33 කට කඩුලු 2 ක් දවාගත්තේය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෝනි වැන් වැක් පන්දු 56 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග වේගවත් ලකුණු 76 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. ඇල්විරෝ පීටර්සන් පන්දු 22 කදී ලකුණු 22 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය. එහිදී පන්දු 27 කට මුහුණදුන් ජීවන් මෙන්ඩිස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 සමග නොදැවී ලකුණු 43 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටියේය.
ආරම්භක පිතිකරු ඩිල්ෂාන් මුණවීර පන්දු 24 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 26 ක්ද, උපුල් තරංග පන්දු 27 කදී හතරේ පහර 7 ක් සමග ලකනුණු 36 ක්ද, අසේල ගුණරත්න පන්දු 17 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ කෂණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
ශ්‍රී ලංකා ප්රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 165
(ඩිල්ෂාන් මුණවීර 26, උපුල් තරංග 36, චාමර සිල්වා 18, ජීවන් මෙන්ඩිස් නොදැවී 43, අසේල ගුණරත්න 25, ගානෙට් කෘගර් 43/2)
දකුණු අප්‍රිකානු ප්රවීණයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 6 කට 154
(මෝනි වැන් වැක් 76, ඇල්වෙරෝ පීටර්සන් 22, නුවන් කුලසේකර 33/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.